
මේ පසුපස තියෙන්නෙ සංවිධානාත්මක අපරාධ ජාලය. එය පවත්වාගෙන යන ආදායම් උත්පාදන යාන්ත්‍රණය තමයි, මත්ද්‍රව්‍ය. විදේශ රටවල සැඟවී සුඛෝපභෝගී ජීවිත ගෙවන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පැවැත්ම සඳහා ලංකාවේ වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කළ යුතුයි.
මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා කලා නිර්මාණ දක්වාම ජාවාරම්කරුවන්ගේ අනුග්‍රහය විහිදෙනවා. දේශපාලනය සමගත් ඔවුන් සම්බන්ධයි. ඇතැමෙකු කෙළින්මත්, තවත් අය වක්රවත් දේශපාලනය සමග සම්බන්ධයි. ඒ සම්බන්ධකම් වත්මන් පාලකයින් දක්වාම පැතිරී තිබෙනවා. මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය ගැන පසුගිය කාලේ තිබුණු උනන්දුව අඩු වෙලා තියෙන ආකාරයත් නිරීක්ෂණය කළ හැකියි.
මිල වැඩි වුණත්, ලංකාවේ මත්ද්‍රව්‍යවල හිඟයක් ඇති බවක් නම් වාර්තා වෙන්නෙ නැහැ. එයට අමතරම ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල මධ්‍යස්ථානයක් බවටත් පත් වී තිබෙන ලකුණු දක්නට ලැබෙනවා.
