
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 98කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන නිලධාරියාය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ‘User Management Module’ නමැති මෘදුකාංගය ස්ථාපනය කිරීම සඳහා රුපියල් 9,831, 250ක මුදලක් ගෙවා තිබිය දී, එම මෘදුකාංගය ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංගය ලබා නොගෙන රජයේ මුදල් වංචාකාරි ලෙස ලබාගැනීමට කටයුතු කිරීම ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පරිගණක මෘදුකාංග පරිපාලකවරයා ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (14) දින නියෝග කළේය.
මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලැබී ඇති චෝදනා මතය.
