
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය මාර්තු 28 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩිනමින් සහනාධාර ලබාදීම සහ දිගුකාලීන යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් විය.
හානියට පත් වූ නිවාස නැවත සංවර්ධනය කිරීමේදී ජනතාවට වඩාත් සුදුසු සහ ආරක්ෂිත ප්‍රදේශ තෝරා ගැනීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. එමෙන්ම නාගරික පොදු පහසුකම් සහිත ප්‍රදේශවල නව නිවාස ඉදිකිරීම, ප්‍රජාව සමඟ නිරන්තර සන්නිවේදනය පවත්වාගෙන යාම සහ නැවත ආපදාවකට ලක් නොවන ස්ථානවල ඉදිකිරීම් සිදු කිරීම මඟින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
තවද, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම, මූලික පහසුකම් යළි ස්ථාපිත කිරීම සහ දිගුකාලීන ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව හරහා ආපදාවට ලක් වූ ජනතාවට කඩිනමින් සහ ප්‍රතිඵලදායක ලෙස සහන සැලසීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.


