ඇලෝයී සහ ඊශ්‍රායෙල් දෙවියන්

ඇලෝයී පීරිස් පියතුමාගේ අභාවය ගැන දැන ගතිමි. මා එතුමා සමග සම්බන්ධයක් නොවීය. එතුමාගේ අභාවය සමග මා සිත තුල වු යම් පමනක් හෝ බලාපොරොත්තුවක් වුයේ නම් එයද අවසන් විය.

සමහර විට එසේ බලාපොරොත්තු රඳවා ගතව තිබුනේ මීට දශක දෙකකට පමන පෙරය. එකල 90 ගණන් වල සාමයීක කේන්ද්‍රයේදී එතුමාට සවන්දී තිබිනි.

කිතුනුවන්ගේ දෙවියන් ඊශ්‍රායෙල් කෙනෙකි . ඒ දෙවියන් ට යාවේහ් Yaweh කියාද , එල් El කියාද එලෝහී Elohi කියාද අඩොනි Adoni කියාද විවිධ නම් භාවිත විය . ඊශ්‍රායෙල් දෙවියන්ට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසී නම් ඇති බව නොදනිමි.

කානානි යුගයේදී පලස්තීනයෝ ද දෙවියන්ට විව්ධ නම් කීහ සහ ඔවුන්ට විවිධ දෙවිවරු විය.

දාගෝන් ඔවුන්ගේ විශේෂ දෙවියන් විය . ඔවුන්ද එල් El දෙවියන් ඇදහු අතර එල් දෙවියන් යනු පීතෘ දෙවියා Father God සහ මැවුම්කාර දෙවියන්ය Creator God . මේ අයට ද සිංහල දෙමළ නම් නැත. ඉන්දියාවේ දෙවිවරැන් ට නම් ඉන්දියානු නම් ඇත.

යාවෙහ් ගේ අනුගාමිකයන් ඊශ්‍රායෙල්වරු පිළිකුල් කල බාල් නම් දෙවියෙක් පලස්තීනයන්ට විය. බාල් යනු බොහෝ දේවාලයන් තිබු වැස්ස , සශ්‍රීකත්වය සහ ජලයට අධිපත් මිහිකත දෙවියන් විය.

එල් දෙවියන්ට පලස්තීනයෝ බිරිඳක් දී තිබු අතර ඇය අශේරා විය, ඉතියෝපියානුවන්ට මහෙර් නම් දෙවියෙකු ද වෙනත් දෙවි වරුද විය.
කිතුනු දෙවියන්ට අනුව ඊශ්‍රායෙල්වරුද පලස්තීනයෝද සිරියානුවන්ද දේවපුත්‍රයෝය. එක හා සමානය.

“සමිදාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඊශ්‍රායෙල් ජනයානෙනි, මා නුඹලාත්, එතියෝපිවරුනුත් සලකන්නේ එක හා සමාන ව ය. මා නුඹලා මිසර දේශයෙන් ගෙනා සේ ම, පිලිස්තිවරුන් ක්‍රීතයේ සිට ද සිරියන්වරුන් තීර්හි සිට ද මම ගෙනාවෙමි. ”

මේ කතාව කෙටි කරමු. ඇලෝයී පියතුමා ගේ අභාවය මට පාඩුවක් වන්නේ ලාංකීය දේවධර්මයක් නිර්මාණයෙදී එතුමාගේ දායකත්වය විශාලව ලැබිය හැකිව තිබියදී එය එසේ නොවීමයි.

ලාංකේය දේවධර්මයක් නිර්මාණයට බෞද්ධ දර්ශනය ගැන කිතුනු ප්‍රාමානියකයකු සීටීම වැදගත්ය. එය දැන් නැත.

ගුස්ටව් ගුටියරේස් විමුක්තී දේවධර්මය ලතින් ඇමෙරිකානු දේවධර්මයක් තුල නිර්මාණය කළේය. Liberation Theology.

දලිත් දේව ධර්මය ඉන්දියාවෙනි. Dalith theology ජපානයේ මී ගව දේව ධර්මයයි water Buffolw Theology. කලු දේව ධර්මය Black Theology ඇමෙරිකාවෙනි.
Father සත්ති Sathivel MPillai කියන මලයිහ ජනතාව ගේ රෝද මුණී මොනවගේ දෙවියන් කෙනෙක් ද ?

ඒත් ලංකාවට එවැන්නක් නැත. එය සාර්ථකව බිහිවීමට තිබු අවකාශය ඇලෝයී පියතුමාගේ මරණය සමග බොහෝ ඇත්ව ඇතට ගියේය.

අපි තවත් බොහෝ කල් අපට නොතේරෙන , අපි නොදන්න , අපිට සම්බන්ධයක් නැති , අපේ පොළවේ නොඉපදුන ඉශ්‍රායෙල් දෙවියන්ම අදහනු ඇත ,
නැතහොත් පලස්තීනයන් වෙනත් නම් වලින් සහ ඉතීයෝපීයනුවන් වෙනත් නම්වලින් කී එකම දෙවියන් ලක් පොලවේ මාංසවත් වුයේ කුමන නමින් ද ඒ කෙසේද යන්න සොයා ගැනීමට අපට සිදුවනු ඇත.

ඒකට උදව් කල හැකි එක් අයෙකුවු ඇලෝයී මැරිලාය.

සටහන නීතිඥ ලක්ෂාන් ඩයස්

Social Sharing
නවතම පුවත්