
මැද පෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති පසුබිමක, ලෝකයට දෛනිකව බොරතෙල් බැරල් මිලියන 11ක් පමණ අහිමි වන බව අනාවරණය වේ.
International Energy Agency (IEA) හි විධායක අධ්යක්ෂ ෆාටී බිරෝල් පවසන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් ලෝකයේ කිසිදු රටකට බලශක්ති අර්බුදයෙන් මිදීම අපහසු වන බවයි.
කැන්බරා නගරයේ National Press Club of Australia හි පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වත්මන් අර්බුදය 1970 දශකයේ සිදු වූ විශාලතම තෙල් කම්පන දෙකේ පරිමාණයද ඉක්මවා යා හැකි බවයි.
මෙම අර්බුදය “ඉතා දරුණු” තත්ත්වයක් බවත්, එය තවදුරටත් ගැඹුරු වුවහොත් ගෝලීය ආර්ථිකය “ප්‍රධාන තර්ජනයකට” මුහුණ දෙන බවත් Fatih Birol අනතුරු ඇඟවීය.
ඒ අනුව, බලශක්ති සැපයුම් කඩාකප්පල් වීමත් සමඟ ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම, ආර්ථික අර්බුද උග්‍ර වීම සහ බලශක්ති ආරක්ෂාව පිළිබඳ ගැටළු තවත් තීව්ර විය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙති
