දුරදිග ගිය වතු ආරවුලක් : සමාජ මාධ්‍යයෙන් හෙළි වූ සිද්ධියක්!

මෙම සිද්ධියට සඳහා පාදක වන්නේ වතු කම්කරු පවුල් තුනක් හා එම වත්තේ හිමිකරු අතර ඇති වු ආරවුලක් දුර දිග යාමකි. ඒ එදින වත්තේ සිටුවා ඉතිරි වු තේ පැළ වගයක් ගලවා විසි කර තිබීම හේතුකොටගෙනය.

ඒ පිළිබඳව සොයා බලන්නට වතු හිමි කරු ඔහුට අයත් බලපත්‍රය සහිත ගිනි අවියද රැගෙන පැමිණ වතු කම්කරුවන් කැඳවා ඒ පිළිබඳව විමසීමේදී එම කම්කරුවගේ හිසට ගිනි අවිය තබා තර්ජනය කර ඇත.

නමුත් එම සිද්ධිය පාසල් යන දරුවෙක් විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමක් කර තවත් දුරකථනයකට ලබා දීමෙන් එම අවස්ථාවේ එය සමාජ මාධ්‍ය ජාලා වලද ප්‍රදර්ශනය වීම සිදුව ඇත. පසුව ඩුබායි රටේ සිටින කෙනෙකු මාර්ගයෙන් එම වීඩියෝව හා තොරතුරු ප්‍රදේශයට අයත් පිටිගල පොලිසියට ලබාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව අදාළ වතු හිමියා පොලිසියට ගෙන්වා වැඩි දුර සොයා බැලීමකින් තොරව අත්අඩංගුවට ගෙන පසු දින අධිකරණයට ඉදිරිපත් කර දින 14 බන්ධනාගාර ගත කරන ලදී.

එදිනම වතු යායෙන් එම සිද්ධියට මුහුණ පෑවේ යයි කියන පවුල් තුනකට අයත් කම්කරුවන් 13 දෙනෙකු හිටිහැටියේ අතුරුදන් වෙන ලදී.

පසුව එම වීඩියෝව සමාජ මාධ්‍යයේ ජාලා වල සංසරණය වීම මත ගාල්ල ප්‍රදේශයේ මානව හිමිකම් සංවිධානයක් මැදිහත් වීමෙන් අතුරුදන්ව සිටි පිරිස සොයා ගෙන, අදාළ පොලිස් ස්ථානයට යොමු කර කට උත්තර ලබා දීම මත වතු හිමියාව අත්අඩංගුවට පත් කර සිටි 300 වගන්තිය යටතේ ගොනුකර තිබු චෝදනාව ඉවත් කර අධිකරණයට කරුණු දැක්වීම මත දින 14කින් පසුව ශරීර ඇප දෙකක් හා රුපියල් 50000 /= ක මුදල් ඇප මත ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මුදා හරින ලදි .

මේ සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ කටයුතු තව දුරටත් සිදු වේ…

ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – 0776 969 880

Social Sharing
නවතම පුවත්