ආර්ථිකය 5%කින් වර්ධනය වෙයි!

2025 වර්ෂය තුළ ශ්‍රී ලංකාව 5%ක දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.

එම වාර්තාව අනුව, පසුගිය වසරේදී ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඒ අතරින් කර්මාන්ත අංශය 7.8%ක වර්ධනයක් ලබාගනිමින් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති අතර, සේවා අංශය 3.3%ක් සහ කෘෂිකාර්මික අංශය 1.4%ක් ලෙස වර්ධනය වී ඇත. 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු ස්ථාවරත්වයක් ලබාගෙන ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දේ.

විශේෂයෙන්ම 2025 වසරේ සිව්වන කාර්තුව තුළ පමණක් 4.8%ක වර්ධනයක් වාර්තා වී ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම් වේගවත් වූ බවට සෘජු සාධකයක් ලෙස සැලකේ.

දිට්වා ආපදා තත්ත්වයන්ගේ බලපෑම් ඇතිවීමට ඉඩ තිබුණද, ඒවා මගහැර යමින් සමස්ත වසර සඳහා 5%ක වර්ධනයක් පවත්වා ගැනීමට හැකිවීම විශේෂත්වයක් ලෙස දක්වා ඇත.

සටහන ගිම්හාන් ද සිල්වා

උපුටා ගැනීම TheLeader.lk

Social Sharing
නවතම පුවත්