මරදාන පොලිස් පොඩ්ඩන්ට සාධාරණය ඉටු වේ.

පොලිසියේ 800 ඉක්මවා මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙද්දී කොළඹ අවට සියලුම පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරීන් නවාතැන් ගෙන සිටින මරදානේ මහල් 10 කින් සමන්විත පොලිස් බැරැක්කයේ පොලිස් නිලධාරීන් 1000 ක් පමණ දෙනා මුහුණ දී සිටින ඛේදජනක තත්ත්වය අප අයිතිය වෙබ් අඩවියෙන් කරුණු වාර්තා කළේ ඉකුත් 16 දාය. ( https://www.aithiya.lk/for-problems-faced-by-police-officers/ )

එහිදී මෙම කනිකඩභට නිවස්නයේ කොවිඩ් ආසාදිතයින් රැසක් වාර්තා වුවත් එහි සිටින අනෙක් නිලධාරින් PCR පරීක්ෂණයට  ලක් නොකර, එළියට බැසීමට නොදී තබාගෙන ඇති බව එහි නවාතැන්ගෙන සිටින නිලධාරීන් ප්‍රකාශ කර තිබුණි.

මොවුන්ව නිරෝධායනයට ලක් කරනවාද? නොකරන්නේද? යන්නවත් ඔවුන්ව දැනුවත් නොකර බැරැක්කයෙන් එළියට බැසීමට නොදී සිටීම නිසා මෙම නිලධාරීන් පත්ව සිටි අපහසුතාවය අප පෙර ලිපියෙන් පැහැදිලි කර තිබුණි.

ලිපිය පළ විමෙන් පසුව බැරැක්කයේ  සිටි කොටුව හා මරදාන පොලිසියේ පොලිස් නිලධාරීන් 500 ක් පමණ දෙනා අනුරාධපුර, පහලගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය සඳහා ගෙන යාමට කටයුතු කර ඇත. සෙසු 550 ක් පමණ වන නිලධාරින්ට 19  දා PCR කරන බව ඉහළ නිලධාරින් විසින් දැනුවත් කර ඇත.

මේ අතර ඔවුන්ගේ වචන විශ්වාස නොකළ පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු 19 රාත්‍රියේ මෙම බැරැක්කය තුල කලහකාරි ලෙස හැසිරෙමින් කියා ඇත්තේ , අපි දැන් දවස් 22 ක් තිස්සේ හිර කරලා තියාගෙන ඉන්නවා, හරියට කන්න නැහැ.  ඒක්කෝ අපිට PCR පරික්ෂණ කරලා ගෙදර යවන්න ඔිනේ යනුවෙනි. මන්ද මොවුන්ට කලින් පවසා ඇත්තේ 19 දා PCR පරීක්ෂණ කරන බවකි. එහෙත් සිදු නොකළ නිසා මොවුන් කෝප වී ඇත.

මෙම නිලධාරීන් බිත්ති වල සවි කර තිබු වයිට් බෝඩ් ආදියට පහර දෙමින් කෑ කෝ ගසා ඇති අර පසුව මරදාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද මෙම බැරැක්කයට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ 20 PCR පරීක්ෂණ සිදු කරන බව  බැරැක්කයේ සිටින නිලධාරියෙක් පැවසුවේය.

ඒ අනුව මෙම නිලධාරීන් 540 ක් පමණ සියලු දෙනාව ඊයේ (20) බැරැක්ක පරිශ්‍රයේදී PCR පරීක්ෂණ වලට යොමු කර ඇත.

-ශානිකා-

Social Sharing
නවතම