දිට්වාගෙන් අසරණ වූ පවුල් 1359ක් තවමත් මධ්‍යස්ථාන 49ක

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ පවුල් 1359 ක සාමාජිකයන් 4129 දෙනෙකු තවමත් දිස්ත්‍රික්ක හතරක සුරක්ෂා මධ්‍යස්ථාන 49 ක රැඳී සිටින බව සමස්ත ලංකා ආපදා  සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහක සුරක්ෂා මධ්‍යස්ථාන 2597 ක් පිහිටුවා තිබූ බවද ඒ මහතා කීවේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වන්දි ලබාදීම පිළිබඳව සහ එම පවුල්වල තත්ත්වය පිළිබඳ අප කළ විමසීමකදී පාලිත උපුල් කුමාර මහතා ඒ බව පැවසීය. මෙම සුළි කුණාටුව නිසා පුද්ගලයින් 676 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 155 දෙනෙකු අතුරුදන්ව සිටින බවත්, 261 දෙනෙකුට තුවාල සිදුව ඇති බවද පාලිත උපුල් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවේ පවුල් 703,922 ක පුද්ගලයන් 24,87,114 පීඩාවට පත් වූ බවද හෙතෙම පැවසීය. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස 6088 කට පූර්ණ හානි සිදුව ඇති අතර, නිවාස 1,18,885 කට අර්ධ හානි සිදුව ඇති බවද පාලිත උපුල් කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සටහන මනම්පිටිය නිමල් ජයරත්න

උපුටා ගැනීම ලංකාදීප

Social Sharing
නවතම පුවත්