පයාගල පොලිසියේ නිලධාරින් සමීර සමිපත්ගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

2012 වසරේ ජනවාරි මස 27 වන දින පයාගල පොලීසිය මගින් පයාගල පොතුවිල කටුකුරුදුගහලන්ද පදිංචි ලෙව්වන්දුව විතානගේ සමීර සමිපත් නැමැති එවකට අවුරුදු 24 වයස ඇති තරුණයාව කටුකුරුන්ද පොළට එලවළු වෙළදාම් කිරීමට යනවිට අත්ඩංගුවට ගෙන ඇත.

එම ප්‍රදේශයේ සොරකමක් ගැන හා ඒ අසන්න පදිංචි වෙනත් පුද්ගලයන් දෙදෙනෙක් ගැන ප්‍රශ්න කරමින් දින දෙකක් රදවාගෙන අතින් පයින් පහර දි පොල්ලේලිවලට පොල්ලේලිවලට අඟුරු දමා දුම ඇල්ලීමෙන් හුස්ම ගැනීමට අපහසු වන තත්ත්වයක් ඇති කිරීම වැනි ක්‍රියා සිදු කළ බවද පෙත්සම්කරු චෝදනා කර තිබුණි.

2012 වසරේදී පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකුට වධහිංසා පමුණුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

පයාගල පොතුවිල කටුකුරුදුගහලන්ද ප්‍රදේශයේ පදිංචි ලෙව්වන්දුව විතානගේ සමීර සම්පත් නමැති එවකට වයස අවුරුදු 24ක් වූ තරුණයා 2012 ජනවාරි 27 දින පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු කටුකුරුන්ද පොළට එළවළු වෙළඳාම් කිරීමට යන අතරතුරදී අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් වේ.

එම ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සහ වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් පොලිසිය විසින් ඔහු දින දෙකක් රඳවාගෙන අමානුෂික ලෙස වධහිංසා කළ බව පෙත්සමේ සඳහන් විය. අතින් සහ පයින් පහරදීම, අත් පිටුපසට කර මාංචු දමා එල්ලා පහරදීම, පොල්ලේලිවලට අඟුරු දමා දුම ඇල්ලීමෙන් හුස්ම ගැනීමට අපහසු වන තත්ත්වයක් ඇති කිරීම වැනි ක්‍රියා සිදු කළ බවද පෙත්සම්කරු චෝදනා කර තිබුණි.

සමීර සම්පත්ගේ මව තම පුතා පොලිස් අත්අඩංගුවේදී වධහිංසාට ලක්ව ඇති බව පවසමින් එම අවස්ථාවේදීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. එහිදී පොලිසිය විසින් සමීර සම්පත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල හේතුවෙන් ඔහුට බැන වැදී ඇති බවද වාර්තා වේ.

පසුව 2012 ජනවාරි 28 වනදා රාත්‍රියේ පොලිස් ඇප මත ඔහු මුදා හැර තිබූ අතර මානව හිමිකම් කොමිසම වෙත නොයන ලෙසත් රෝහල්ගත නොවන ලෙසත් පොලිසියෙන් තර්ජනය කර ඇති බවද සඳහන් වේ. එහෙත් වධහිංසා හේතුවෙන් රෝගී තත්ත්වයට පත් වූ සමීර සම්පත් පානදුර රෝහලට ඇතුළත් වී දින තුනක් ප්‍රතිකාර ලබා ගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමීර සම්පත් විසින් SCFR/127/12 අංකය යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම 2025 ජූනි 16 දින විභාගයට ගෙන 2026 මාර්තු 7 දින තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1), 13(2) සහ 13(5) වගන්ති යටතේ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

ඒ අනුව 2012 වසරේ පයාගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂක පද්මකුමාරට රුපියල් 750,000ක්ද, එවක පයාගල පොලිස් ස්ථානාධිපති කුලසිංහට රුපියල් 250,000ක්ද, රජය විසින් රුපියල් 100,000ක්ද වශයෙන් පෙත්සම්කරු සමීර සම්පත් වෙත වන්දි ගෙවීමට නියෝග කර ඇත.

මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නාවස්, කුමුදුනි වික්‍රමසිංහ සහ එම්. සම්පත් කේ.බී. විජේරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරිණි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සුරාජ් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා සමඟ නීතිඥ පාදිලා මෙනවිය පෙනී සිටියහ. වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ නගීතා විජේසේකර, ඒ.ඩී.ජී. රෑබසිංහ, චාමර නානායක්කාරවසම්, පාඨලී අබේරත්න සහ සම්පත් යාලෙවත්ත පෙනී සිටි අතර රජය වෙනුවෙන් නීතිඥ ලක්මාලි කරුණානායක මෙනවිය පෙනී සිටියාය

Social Sharing
නවතම පුවත්