මව්බිම සහ Ceylon Today දෛනික මුද්‍රිත පුවත්පත් ප්‍රකාශනය නතර කරයි

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් වෙනසක් ලෙස, මව්බිම සිංහල පුවත්පත සහ Ceylon Today ඉංග්‍රීසි පුවත්පත දෛනික මුද්‍රිත සංස්කරණ ප්‍රකාශනය නතර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම පුවත්පත් දෙකම පවත්වාගෙන යන කළමනාකාරීත්වය සඳහන් කරන්නේ පාරිභෝගිකයන්ගේ පරිභෝජන රටාව ඩිජිටල් මාධ්‍ය වෙත මාරු වීම මත මෙම තීරණයට ගත් බවයි. මෙම පුවත්පත් ආයතනය, ඊයේ (04) වෙළෙඳපොළට නිකුත් කළ පුවත්පත් ද්විත්වයෙහිම මුල් පිටුවල සඳහන් කර තිබුණේ, මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශයේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරමින් ක්‍රියාත්මක වන බවත්, මුද්‍රිත පුවත්පත් වෙළඳපොළ වෙත නිකුත් නොකරන බවත් ය.

ඒ අනුව, Ceylon Today පුවත්පතේ දෛනික මුද්‍රිත සංස්කරණය මාර්තු 4 වනදා සිට නතර කර ඇති අතර, ඉදිරියේදී පුවත් අන්තර්ගතය ප්‍රධාන වශයෙන් ඩිජිටල් වේදිකා ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද සඳහන් වේ. එමෙන්ම මව්බිම පුවත්පතද දෛනික මුද්‍රිත සංස්කරණය නතර කර ඇති අතර, සති අන්ත සංස්කරණ සහ අන්තර්ජාලික ප්‍රකාශන කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්