නිල්වලා ගඟේ ලවණ බාධකයෙන් සිදු වූ හානිවලට ගොවීන්ට වන්දි

නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ගොවියන්ට සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීමට අදාළ කටයුතු යොදා ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසා සිටියි.  ඒ සදහා 2026 අයවැය මගින් රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද එම මණ්ඩලය සඳහන් කර සිටී.

එම ලවණ බාධකය හේතුවෙන් ගංවතුර පවතින අවස්ථාවලදී සිය වගා බිම් ජලයෙන් යටවන බවට 2019 වසරේ සිට ගොවි ජනතාව විසින් පැමිණිලි සිදුකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව වී ගොවීන්ට සිදුවු වගා හානිය වෙනුවෙන් 2019 වසරේ යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කන්න හතක් වෙනුවෙන් රුපියල් මිලියන 1200ක වන්දි මුදලක් ගෙවීමට නියමිත බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

එම වන්දි මුදල් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ගෙවීමට කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නිල්වලා ලවණ බාධකය හේතුවෙන් සිදුවන හානිය පිළිබඳව අප විසින් සිදුකළ පළ කිරීම පහතින්

ලවණ බාධකයක් නිසා බැට කන නිල්වලා නිම්නයේ ජනතාව

 

Social Sharing
නවතම පුවත්