අණ නොතකා ධාවනය කළ 17 හැවිරිදි තරුණයා පොලිස් වෙඩි පහරින් මරුට

 

අද අලුයම කයිට්ස් පොලිස් කොට්ඨාශයේ අල්ලපිඩ්ඩි හන්දිය අසළ පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසීයෙන් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එම වැඩි තැබීමෙන් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇත.

ඒ අනුව සැකසහිත වෑන් රථයක් නැවතීමට පොලිස් නිලධාරීන් සංඥා කර ඇති අතර එම වාහනය නියෝග නොතකා මණ්ඩතිව් දෙසට වේගයෙන් ධාවනය වූ බව පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කරන පරිදි පළායන වෑන් රථය පිළිබඳ තොරතුරු කයිට්ස් පොලිස් ජීප් රථයකට දැනුම්දී ඇති අතර, ජීප් රථය වාහනයට බාධා කිරීමට උත්සාහ කර ඇත.

එහෙත් වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇති බැවින් පොලිසිය පළමුව අහසට අනතුරු ඇඟවීමේ වෙඩිතබා ඇති අතර අවසානයේ වාහනය නැවැත්වීමට අපොහොසත් වූ විට, පොලිසිය එය නැවැත්වීමට වෑන් රථයට වෙඩිතබා තිබේ.

රියදුරු වෙඩි ප්‍රහාරයට ලක්ව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මියගිය බව පොලිසිය පැවසීය. මියගිය දරුවා වඩ්ඩුකොඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇත.

පොලිසිය පැවසුවේ වෑන් රථයේ පිටුපස අංක තහඩුව ඉවත් කර ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේ වාහනය තුළ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කයිට්ස් පොලිසිය සහ යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය

Social Sharing
නවතම පුවත්