
යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ බව පවසමින් පියතුමෙකුට පහරදුන් බවට කියන පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් හයදෙනෙකු අද (25) අලුයම ගම්පහ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (24) රාත්‍රී 7.00 ට පමණ ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර වාර්තාවන අන්දමට මෙම පියතුමා දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව සිදුකොට නැවත පැමිණෙමින් සිටියදී මෙම පහර දීම සිදු වී ඇත.
පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්වූ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි විතාරණගේ මිලාන් ප්‍රියදර්ශණ පියතුමා මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වේ.
