‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකායට රෝහණ හෙට්ටිආරච්චි පත් කරයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිදු වූ විශාල වශයෙන් මිනිස් ජීවිත හා පෞද්ගලික සහ පොදු දේපළවලට සිදු වූ හානි සැලකිල්ලට ගනිමින්, පශ්චාත් ආපදා පුනරුත්ථාපන, ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාතික මට්ටමේ සම්බන්ධීකාරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අත්‍යවශ්‍යතාවය මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් “Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

මෙම බලකාය සඳහා සිවිල් සමාජ නියෝජනයක් ලෙස, සිවිල් සමාජ ක්‍රියාකාරී පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා පත් කර ඇත.

මෙම බලකාය පශ්චාත් ආපදා පුනරුත්ථාපන, ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකාරණය, සංගත ප්‍රවේශයක් සහ අධීක්ෂණය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. ‘Rebuilding Sri Lanka’ මුලපිරුම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි නායකත්වයක්, සාක්ෂි මත පදනම් වූ ප්‍රමුඛතා සහ සියලු ආයතන අතර ඵලදායී සම්බන්ධීකාරණයකින් යුතු සැපයුම් හා මෙහෙයුම් රාමුවක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ගැසට් පත්‍රය Gazate 

Social Sharing
පුවත්