
මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශයෙන් ජයග්‍රහණය කළ වෘතාන්ත, කෙටි සහ වාර්තා චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමීම පසුගියදා පැවැත් වූ තර එහිදී Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිෂ්පාදිත විසාකේස චන්ද්‍රසේකරම් මහතා විසින් අධ්‍යක්ෂණය කළ “32” වාර්තා චිත්‍රපටය New Asian Currents – Documentary අංශයෙන් ජය හිමි කර ගෙන ඇත. මෙම චිත්‍රපටය ශ්‍රියාණි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ නඩුවට අදාළ සිදුවීම පාදක කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.
මෙම සිනමා උළෙලේ විශිෂ්ටතම ලාංකීය කෙටි චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වුනේ Neelum Oor Kadaisi Iravu කෙටි සිනමාපටයයි. ඒ වෙනුවෙන් ලැබෙන Ceylon Theaters සම්මානය එහි අධ්‍යක්ෂණක ජේකබ් ලූක් ජෙරොශාන් විසින් හිමිකරගත් අතර අවිෂ්ක අරංගල්ලගේ His First Period කෙටි සිනමාපටය ජූරියේ විශේෂ ඇගයුමට ලක් වී ඇත.
විශිෂ්ඨතම කෙටි චිත්‍රපටය (ජාත්‍යන්තර) අංශයෙන් ජයග්‍රහණය කර ඇත්තේ නෆියා සාරී අධ්‍යක්ෂණය කළ “Under the Snow” ඉරාන කෙටි චිත්‍රපටයයි. සයන්තන් අභිසරන්ගේ “Dheera” කෙටි සිනමාපටය මෙවර යාපනය සිනමා උළෙලේ ජනප්‍රියම නිර්මාණයට පිදෙන People’s Choice Award දිනාගෙන ඇත.
නවක අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ සඳහා පිදෙන Best Debut Film සම්මානය හිමි වුනේ සිවරන්ජිනී Jගේ “Victoria” කේරළ සිනමාපටයටයි.
Shape of Momo සිනමාපටයත් එම අංශයෙන්ම ජූරියේ විශේෂ ඇගයුමකට ලක්වුනා.
සිනමාව සහ කලාව වෙනුවෙන් සිදුකළ විශිෂ්ට දායකත්වය අගයමින්, ජීවිතයට එක්වරක් පමණක් පිදෙන, යාපනය සිනමා උළෙලේ Lifetime Achievement Award සම්මානය මෙවර පිරිනැමුනේ ප්‍රවීණ ඉන්දීය සිනමාකරුවෙකු වන ප්‍රේමේන්ද්‍ර මජුම්ධර් (Premendra Mazumder) වෙතයි.
