වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ

අමිතා ප්‍රියන්ති අපේ වෘත්තීය සගයෙකු වගේම දේශපාලන හා පෞද්ගලික මිතුරියක්. ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සඳහා අරගලයේ සන්ධිස්ථානයක් වන ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි නඩු තීන්දුවට මුල් වුණේ පයාගල පොලිසියේ පහරදීමකින් මිය ගිය අමිතාගෙ මල්ලී ලසන්ත වෙනුවෙන් ඇය කළ අරගලයයි. අවුරුදු 25ක් ගිහිනුත්, යුක්තිය වෙනුවෙන් ඒ අරගලය අවසන් නැහැ.

යුක්තිය අහිමි රටක සියවස් කාලක් නීති කෘත්‍යයක් අල්ලාගෙන ඉන්නට මූලික ශක්තිය වුණේ අමිතාගේ අප්‍රතිහත ධෛර්යය. මේ අවුරුදු විසිපහ ඇතුළත ඇය මානව හිමිකම් ආරක්ෂිකාවක ලෙස තවත් සිය ගණනක් මිනිසුන්ගෙ මානව හිමිකම් උල්ලංඝනයන්ට විසඳුම් ලබාදීම සඳහා වින්දිතයන් වෙනුවෙන් මහත් අනුරාගයෙන් හා කැපවීමෙන් කටයුතු කළා.

තව බොහෝ කාලයක් ඒ කාර්යය කරන්නට අමිතාට ශක්තිය ධෛර්යය පතනවා.  ඒක අනන්‍ය, සුවිශේෂ භූමිකාවක්. මේ ඊයේ පැවැත්වුණ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මානව හිමිකම් දින සැමරුමේදී වසරේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සම්මානය සංවිධානයේ සභාපති නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා අතින් අමිතාට පිරිනමන ලද අවස්ථාවයි. (අමිතාගේ කතාව ගැන විසාකේස චන්ද්‍රසේකරම් නිර්මාණය කළ 32 චිත්‍රපටය නොවැම්බර් 13 තරංගනී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙනවා)

Social Sharing
නවතම පුවත්