ආපදාවට පත්වූ ව්‍යාපාරවලට සහන සැලසීමට මහ බැංකුවෙන් ණය සහන වැඩපිළිවෙලක්!

ශ්‍රී ලංකා මහ බැංකුව

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබා දීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදු වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා (මින් ඉදිරියට ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) සහන ලබා දීමේ අරමුණින් බලපත්‍රලාභී බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී.

ඒ අනුව, ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභී බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026.01.15 දිනට පෙර ඉල්ලීමක් කළ විට පහත දක්වා ඇති සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී ඇත.

එම නිවේදනය පහතින්…. press_20251205_relief_measures_to_assist_businesses_and_individuals_affected_by_the_recent_cyclonic_and_flood_disasters_s

 

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව

Social Sharing
අවකාශය නවතම