තෙබුවන පොලිසිය දින 11ක් “කොච්චි මිරිස් ගල්වා” පහරදීමට එරෙහි පෙත්සම විභාගයට අවසර…

තෙබුවන පොලිසිය

මෙම නඩුවේ පෙත්සම්කරු වනුයේ කළුතර දිස්ත්‍රිකයේ, නෑබඩ, “ක්ලෝබන් වත්තේ” සේවය කරන ලද අලගවේලු රාමනාදන් යන අයගේ පුතා වන රාමනාදන් කුලසේකරම් යන ය වේ. 2022 වර්ෂයේ ඔක්තෝම්බර් 21 මෙම පෙත්සම්කරුව තෙබුවන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන දින 11 තෙබුවන පොලිසියේ රඳවාගෙන කොචිචි මිරිස් දමා එල්ලා පහර දී වද හිංසාවට පත් කර ඇත.

2025.10. 25 වන තම පුතාව නීති විරෝධීව රඳවා තබාගෙන වදහිංසා කරන බවට මානව හිමිකමි කොමිසන් සභාවට හා ප්‍රදේශය භාර පොලිස් අධිකාරි වරයාට පැමිණිලි කර තිබියදී, තෙබුවන පොලිසිය මෙම නීති විරෝධී ක්‍රියාව කර ඇත.

2022.10 .31 වන දින තම නිවස ලඟට ගෙනවිත් පහර දෙන විට තම පියා වන ආර්. රමනාදන් නැවත මානව හිමිකමි කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව මානව හිමිකම් කොමිසම මැදිහත් වීමෙන් 2022.11.01 වන දින කුලසේකරම්ව මතුගම මාහේස්ත්‍රාත් අධිකරණයට ව්‍යජ නඩු තුනක් ගොනුකර ඉදිරිපත් කරන ඇත.

එම නඩුවල චෝදනා වී ඇත්තේ ගෙයක් බිඳ දේපල සොරකම් කිරීම, රබර් ඔට්ටපාලු සොරකම් කිරීම, හක්කපටස් සන්තයේ තබා ගැනීමය.

හක්කපටස් චෝදනා නඩුවට කුලසේකරම් මාස 7 වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීමට සිදු විය. තම පියා නීතිඥ සංජය ආරියරත්න මඟින් කළුතර මහාධිකරණයට ඇප අයදුම් පතක් ඉදිරිපත් කර ඇප ලබා ගැනීමට හැකි විය.

සිදුවීමට අදාලව පළවූ තවත් පුවතක්..

“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කරන ලද අතර, තෙබුවන පොලිසියේ එවකට ස්ථනාධිපති රාජරත්නම් ඇතුළු අදාල වගඋත්තර කරුවන් විමර්ශනයට කැඳවන ලදි. නමුත් කිසිදු වගඋත්තරකරුවෙක් කොමිසම ඉදිරියේ පෙනී නොසිටින ලදි.

තවද මෙම සිද්ධියට අදාලව තෙබුවන පොලිසියෙන් මානව හිමිකමි කොමිසම වාර්තවක් ඉල්ලා සිටියද, තෙබුවන පොලිසිය කිසිඳු වාර්තාවක් ලබා නොදීමට කටයුතු කර ඇත. පොලිස් කොමිසමට හා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවලට අදාලව මෙම නිලධාරීන්ට එහෙරිව කිසිදු නීතිමය පියවරක් නොගන්නා ලදි.

මෙම පැමිණිලි අස්කර කරගන්නා ලෙසට තෙබුවන පොලිසිය පොලිස් නිලධාරීන් අපරාධකරුවන් තමන් පදිංචි “ක්ලෝබන් වත්තේ” නිලධාරීන් ලවා නොයෙකුත් බලපැම් බිය වැද්දීම් සිදු කරන ලදි. මෙම තත්වයන්ට මුහුණ දෙමින් තම පෙත්සම්කරු අසධාරනය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමට SCFR /317/24 අංකය යටතේ මුලික අයිවාසිකම් පෙත්සමක් 2024.11.20 වන දින ගරුශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලදි.

මේ සිදුවීම සම්බන්ධයෙන් සැකසූ වීඩියෝවකි…

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුනු දැක්වීමට 2025.11.10 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක ද සිල්වා මහතා හා විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ පෙත්සම කැඳවු අතර, පෙත්සම වෙනුවෙන් චාමලි එස්. රණතුංග මහත්මියගේ උපදෙස් මත නීතිඥ හිරුනි ද අල්මේදා මිය සමඟ නීතිඥ තිලිනි විදානපතිරන මිය පෙනී සිටින ලදි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නි.සොලිසටර්ජේනරාල් සංජිව දිසානායක මහතා පෙනී සිටින ලදි.

මෙම පෙත්සමේ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල මේ පෙත්සම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1), 13(11) මගින් ඉදිරියට ගෙන යාමට අවසර දෙන ලදි. තවද පෙත්සමි කරුවන්ට විරෝධතා ගොනු කිරීම 2026.02 10 වන දිනද, පෙත්සම්කරුට ප්‍රති විරෝධතා ගොනු කිරීමට 2026.03.01වන දින ද, පෙත්සම විභාගය 2026.06.01 වන දිනට නියෝග කරන ලදි.

මෙම පෙත්සමේ වගඋත්තකරුවන් වශයෙන් තෙබුවන පොලිසියේ හිටපු ස්ථනාධිපති රාජරත්නම්, පොලිස් සැරයන් කිත්සිරි, උප පොලිස් පරික්ෂක හේවගේ, පො. කො. මධුසංඛ ජයන්ත සම්පත්ද, සහකාර පොලිස් අධිකාරි කළුතරද, නි. පොලිස්පති කළුතර ද, පොලිස්පති 1-9 දක්වා ද නම්කර ඇත.

වගඋත්තකරුවන් වශයෙන් 10 – 17 දක්වා පොලිස් කොමිෂන් සභාවේ සමාජිකයන් ද, 18 වන වගඋත්තකරු කළුතර බන්ධනාගාර අධිකාරිවරයාද, 19 වග උත්තරකරු වශයෙන් නීතිපතිවරයාද නම් කර ඇත.

 

Social Sharing
අවකාශය නවතම