
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වුණි. මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක කරන බවය.
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දෙන අගමැතිනිය මේ සම්බන්ධව කටයුතු කරන්නේ විශේෂඥ සෞඛ්‍ය ක්ෂේත්රයේ අයගේ උපදෙස් මත බව සඳහන් කළාය.
“පාසල් දරුවන්ට වයසට ගැලපෙන පරිදි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම පවුල් සෞඛ්‍ය ඒකක විසින් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන දෙයක්.
අපේ රට තුළ ලිංගික අපචාරයට සහ පීඩනයට දරුවන් ලක්වීමේ ප්‍රවණතාවය දිගින් දිගටම වැඩි වෙමින් තිබෙනවා. එම නිසා මේකෙන් ආරක්ෂා වීම සඳහා දරුවන්ට මේ ගැන ඉගැන්විය යුතුයි කියාපවුල් සෞඛ්‍ය ඒකක සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන්ම අපට කරුණු ඉදිරිපත් කළා. එපමණක් නොවේ මේ ගැන ළමා ආරක්ෂක අධිකාරයෙනුත් අපට කියනවා. ඒ ඒ අමාත්‍යාංශ සහ අඩිකාරි ඔවුන්ගේ අදහස් හා නිර්දේශලබා දෙමින්තිබෙනවා.
කොහොමද. කවදා ද කොයි වයසට ද ඉදිරිපත් කරන්නේ කියලා තවම තීරණයක් නෑ ඒ සාකච්ඡා අනුව වයසක සුදුසු පරිදි නියමිත අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා අප විශ්වාස කරනවා.මේ සියලු දේවල් අපි කරන්නේ විශේෂඥ සෞඛ්‍ය ක්ෂේත්රයේ අයගේ උපදෙස් සහ මග පෙන්වීම අනුව බව කිව යුතුයි.”
