
2023 ඔක්තෝබර් 07 වන දින පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය ඊශ්‍රාල් සිවිල් පුරවැසියන් ඉලක්ක කර සිදු කළ කෲර ප්‍රහාරය නිසා පුද්ගලයින් 1,400ක් මියගිය අතර, 220කට වැඩි පිරිසක් හමාස්හි ප්‍රාණ ඇපකරුවන්බවට පත්විය. මීට ප්‍රථිචාර දැක්වූ ඊශ්‍රාලය ඒල්ල කළ ගුවන් ප්‍රහාර වලින් 7000කට ආසන්න පලස්තීනුවන් පිරිසක මිය ගොස් තිබුනි. ඉන් පසුව වසර දෙකක් තිස්සේ පැවතුණු දරුණු යුද්ධය හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් මෙන්ම විශාල දේපල ප්‍රමාණයක් විනාශ වී තිබේ..
ඊශ්‍රාල් පලස්තීන යුද්ධය නිමා කිරීමේ අරමුණ ඇතිව ඇමරිකාණු ජනාධිපති දෙරටේ නායකයින් මෙන්ම, අනකෙුත් ප්‍රබල රටවල නාකයකයින්ගේ සහායෙන් සාකච්ඡා ආරම්භ කළ අතර, ඒහි තවත් එක් වැදගත් පියවරක් අද (13) ආරම්භවීමට නියමිතව තිබේ.
යුද්ධය නිමා කිරීම සහදා රටවල් 20කට වැඩි සංඛ්‍යාවක රාජ්‍ය නායකයන් අද ඊජිප්තු රතු මුහුදේ පිහිටි ෂාම් අල් ශෙයික් නිවාඩු නිකේතනයේදී ගාසා සාම සමුළුවට සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසිගේ ප්‍රධානත්වයෙන් අද පැවත්වෙන මේ සමුළුවේදී ගාසා තීරයේ සටන් විරාමය තුළින් මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාවර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතව ඇතැයි පැවසේ.
මෙම සාම සමුළුව සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, තුර්කි ජනාධිපති රිසෙප් තයිබ්, බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රිමත් කීර් ස්ටාර්මර්, ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලොනි, යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් සහ ජෝර්දාන රජු දෙවැනි අබ්දුල්ලා ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මීට අමතරව ජර්මනිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, සවුදි අරාබිය, පාකිස්තානය සහ ඉන්දුනීසියාව නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් හෝ විදේශ අමාත්‍යවරුන් ද එක්වීමට නියමිත අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ද සමුළුව සඳහා සහභාගි වීමට ඇරියුම් ලැබී ඇතැයි වාර්තා වේ.
ගාසා සාම සමුළුවට පැමිණීමට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ කෙටි සංචාරයක නිරතවීමට නියමිතව ඇති අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම සමුළුවට සහභාගි වීම ඊයේ පස්වරුව වනවිටත් තහවුරු වී නොතිබුණු බව ද වාර්තා වේ. හමාස් සංවිධානය සමුළුවට එක් නොවන බව මීට පෙර තහවුරු කර තිබූ බව ද වාර්තා වේ.
