මෙටල් ගහන යකඩ කෙල්ල…- මහේෂ් හපුගොඩ

sanae takaichi

ජපානයේ අලුත්ම සෙන්සේෂන් එක සෙනෙට් සභික සෙනේයි ටකාචි. ජපානයේ පළමු ස්ත්‍රී අගමැතිණිය වෙන්න යන්නේ එයා.

රොක් මියුසික් වලට ආශාකරන, මෙටල් බෑන්ඩ් එකක ඩ්‍රම්ස් ගහල තියෙන, ඉස්කෝලේ යන කාලේ සහ තරුණ අවදියේ කවසාකි බයික් එකක් අරන් රවුම් ගැහුව, පස්සේ 1991 හදපු ටොයෝටා සුප්රා 2.5GT එකක් පැද්ද රොක් ස්ටයිල් එකේ ක්ලැසික් කෙල්ලක්. මම හිතන්නේ තරුණ කාලේ ඇරියස් නැතුව ඇති.

මෙටල් ඩ්‍රම්ස් ගහන කොට ස්ටික් එක නිතර කැඩෙන නිසා ස්ටික් බොහෝ ගණනක් අතේ තියාගත්ත ටකාචිට ඕනි උනේ ‘ජපානයේ යකඩ ගැහැණිය වෙන්න’. හරියට මාග්‍රට් තැචර් වගේ.

මෙටල් කියල කියන්නේ පොඩි ගල්කැට කියල ගත්තොත් එයා ගල්කැට වලින් යකඩ වලට යන්න හිතුව (from Metal to Iron). ගින්දර වගේ තරුණ යුගයක් පහුකරලා තමයි එයා දේශපාලනයට එන්නේ.

එක වෙලාවක ඇමෙරිකාවේ අනුකම්පාව මත යැපෙන්නේ නැති ජපානයක් ගැන එයා හිතමින් උන්න. දැන් ඇමෙරිකාව විතරක් නෙවෙයි චීනය සහ කොරියාව එක්ක වෙළඳ යුද්දයකුත් තියනවා. පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නත් ඕනි.

අභියෝග ගොඩක්….

සෙනේයි ටකාචි

ටකාචි ගොඩක් කාලයක් පැද්ද ටොයෝටා සුප්රා (Toyota Supra 2.5GT) ඩබල් ඩෝ ස්පෝට් මොඩල් කාර් එක නාරාවල ටොයෝටා සමාගම අලුතෙන්ම රෙපයාර් කරලා ෂෝ රූම් එකේ තියල. ඒක නිකම් පුරාවෘත්තයක් වගේ.

අපේ දේශපාලනය කරන අය නම් එක යුගයක V8 වලින් බස්ස්ගන්න බැරුව තිබ්බේ.

-මහේෂ් හපුගොඩ-

Social Sharing
අවකාශය නවතම