තැපෑල වංචා, දූෂණවලින් පිරිලා – තැපැල්පති

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින අක්‍රමිකතා හා වංචාවන් පිළිබදව නව තැපැල්පති රුවන් සත්කුමාර මහතා හපුතලේ ප්‍රදේශයේ පැවති උත්සවයක දී කළ ප්‍රකාශයක් සම්බන්ධව තැපැල් වෘත්තීය සමිති තම විරෝධය ප්‍රකාශ කර තිබේ.

තැපැල් දෙපාර්තමෙන්තුවේ වර්තමාන තත්ත්වය පිළිබදව කරුණු දක්වමින් තැපැල්පතිවරය මෙසේ ප්‍රකාශ කර තිබුනි.

“කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට OT අරන් තියෙනවා. එහෙම තියෙනකොට අපි මේකට උත්තරයක් දෙන්න ඕනේ නැද්ද? අපේ තියෙනවා වර්ක්ෂොප් එකක්. ඒකේ වාහන හදනවා..  මං දන්නේ නෑ හදනවාද නැද්ද කියලා.. එකේ ඉරිදාට වාහන සර්විස් කරනවා. ඒ කරන්නේ OT එකට සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා එතනින් එහාට තව 10 දෙනෙක් විතර ඉන්නවා වාහනේ සර්විස් කරන්න.. වාහනයක් සර්විස් කරන්න පැය 4ක් OT ගෙවනවා. ඒක ලොකු ගාණක් නෙමේ නේ පැය 4යි නේ. හැබැයි මේ 10 දෙනාටම පැය 4 ගානේ OT ගෙවනවා. ඉතිං මේ වගේ වාහන කීපයක් කරපුවාම හිතන්න… මේ හින්දා එයාලා කියනවා වාහන සර්විස් කරන්න බෑ කියලා. මම කියුවා කමක් නෑ කියලා. වාහන සර්විස් කරන්නේ අපි විතරක් නෙමෙයිනේ. ඕන තරම් ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා වාහන සර්විස් කරන තැන් මම එකකට දාලා සර්විස් කරගන්නවා.

පැයකින් දෙකකින් දෙන්නනේ ටෙලිමේල් එකක් ගහන්නේ. මගේ අතේ තියෙනවා එකක්. මේක මට ඊයේ එව්වේ යාපනයේ ඉන්නකොට. මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එවලා තියෙන්නේ එවලා තියෙන්නේ 9.02 පිළිමතලාවෙන්. මේක එතනට ගිහින් තිබුණේ 10.03 මට කතා කරලා අහනවා 09.02 එවපු එකක් 10.03 ඇවිත් තියෙනවා කියලා.. මේක නොගියා නම් හොඳයි.. මාසෙකුත් දවසක් ගිහින් මගෙන් අහනකොට ඇතිවෙන ලැජ්ජාව ගැන හිතාගන්න පුළුවන්ද ? ටෙලිමේල් එකක් යවන්න මාසයක් ගියා කියන්නේ හිතාගන්න පුළුවන්ද ?

අපි සෑම මාසෙකම ඉල්ලනවා තැපැල් ගාස්තුව වැඩි කරන්න. රුපියල් 50යි නේ අපි ගන්නේ. කොළඹින් දාන එක අපි කන්කසන්තුරයටත් ගිහින් දෙන්න ගන්නේ රුපියල් 50යි. ඉතිං අපි ඔට්ටුවෙලා ලියලා ලියලා ඊයේ පෙරේදා මට එවලා තියෙනවා වැඩි කරලා. රුපියල්  50 70කරලා මම ඒක හංගගෙන ඉන්නවා. අර ස්ට්‍රයික් කරලා, මිනිස්සු පට්ට බැනුම් බැනලා ඉන්නකොට අපි සතියකින් දෙකකින් කියනවා තැපැල් ගාස්තු වැඩි කරනවා කියලා කොහොමට තියෙයිද ?”

https://web.facebook.com/reel/1501150870928774

තැපැල්පතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව තැපැල් වෘත්තිය සමිති සිය විරෝධය පළකර තිබේ. නිසි පරිදි විමර්ශනය කිරීමකින් තොරව තැපැල්පතිවරයා මෙලෙස පැවසීම අසාධාරණ බවත්, තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි ලෙස අප්‍රසාදය පල කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව තැපැල්පතිවරයාගේ අදාළ ප්‍රකාශයට විරෝධය පල කරමින් එළැඹෙන 09 වැනිදා කළුපටි පැළඳ සේවයට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජි.ජි.සී.නිරෝෂන මහතා පැවසුවේය.

 

 

Social Sharing
අවකාශය නවතම