තංගල්ලේ සිදුවන්නේ කුමක් ද?

අද දින (22) තංගල්ල ප්‍රදේශයේදී සිදුකළ පරීක්ෂාවකදී හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් හා මත්ද්‍රව්‍ය අසුරා තිබූ ලොරි රථ දෙකක් සහ ගිනි අවි කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බවත්, පොලිසියට ලද තොරතුරක් මත, තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක්ද එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බද පොලිසිය පවසයි.

එම පුද්ගලයින් මියගොස් සිටි නිවස අසල වාහනයක් පරික්ෂා කිරීමේදී අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 -20ත් අතර ප්‍රමාණයක් හා කොමඩු ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු බවට සැක කෙරෙන අසල තිබු තවත් ලොරි රථයක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සහ ගිනි අවි කිහිපයක් හමු වී ඇත.

මේ අතර, මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි නමැත්තා වළ දමා තිබූ බව කියන ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇතැයි ද පොලිසිය පවසයි. ඒ, සම්පත් මනම්පේරි සහ බැකෝ සමන් යන පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව ය.

එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව අදාළ නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වැලිගම, වැලිහිඳ සල්මල් උයන ප්‍රදේශයේ නිවසක කුලී පදනමට සිටි මාලදිවයින් ජාතිකයකු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය සමග වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් 18 හැවිරිදි මෝල්ඩෝවා ජාතිකයෙකු ඊයේ (සැප්තැම්බර් මස 21) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පසුගිය මස 29 වන දින මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පැවසීය.

Social Sharing
අවකාශය නවතම