මවට විනය චෝදනා ඇති බව පවසා, පුහුණුකරු ක්‍රිකට් කණ්ඩායමෙන් සිසුවා ඉවත් කරලා.

ක්‍රිකට් පුහුණුකරු

හම්බන්තොට කලාපයේ පිහිටි එක්තරා ජාතික පාසලක ක්‍රිකට් පුහුණුකරුවකු විසින් 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සිසුවකුගේ මවකට අයුතු යෝජනාවක් කර ඇති අතර, එය ප්‍රතික්ෂේප කළ මවට අදාල ක්‍රිකට් පුහුණුකරු සහ පාසල් බළධාරින් විසින් චෝදනාවක් ගොනු කරමින්, එම මවට විනය චෝදනාවක් ඇති බව ප්‍රකාශ කරමින් එම මවගේ දරුවාව එම ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කර ඇති බවට වාර්ථා විය.

මෙලෙස සිද්ධියට මුහුණ පා ඇත්තේ හුංගම, බටඅත, ගජමංගම, කේ.එම් දිල්හානි ප්‍රනාන්දූ නැමති එක්දරු මවකට වේ. අදාල සිසුවා අදාල ජාතික පාසලේ ඉගෙණුම ලබන අතර, මෙම සිසුවා සහජයෙන්ම ක්‍රීඩාවට අති දක්ෂයෙකි. මෙම සිසුවා අදාල පාසල මගින් විවිධ ක්‍රීඩා සහ ක්‍රිකට් ක්‍රීඩා තුලින් පලාත් තරඟවලට ඉදිරිපත්ව ජයග්‍රහණ රැසක් හිමිකරගෙන අදාල පාසලට ගෞරව රැසක් ලබාදූන් සිසුවෙකි. මෙම සිසුවාගේ පියා ඇගළුම් ශ්‍රේත්‍රයේ නියෙළෙන පුද්ගලයකු බැවින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් යුතුව ඔහු ඒ වනවිට විදෙස් ගතව රැකියාවක නිරතව පසුවී ඇත.

සිද්ධිය පිළිබදව කලාප කාර්යාලය වෙත කළ පැමිණිල්ලට අනුව, කලාප අධ්‍යක්ෂකතුමිය සිසුවාගේ මවට බැන පලවා හරි.

2024 නොවැම්බර් මස අවසාන භාගයේ සිට අදාල පාසලේ ක්‍රිකට් පුහුණුකරු විසින් මෙම මවට වරින් වර අයුතු යෝජනා කරමින් පසුවී ඇති අතර, දෙසැම්බර් මස එක්තරා දිනක මෙම මව විසින් ක්‍රිකට් පුහුණූකරුට තරයේ චෝදනාකර ඇයට නිදහසේ පසුවීමට ඉඩ ලබාදෙන ලෙසට ඉල්ලා ඇති අතර, එයට උරණ වූ අදාල ක්‍රිකට් පුහුණුකරු විසින් එම සිසුවාගේ මවට විනය චෝදනාවක් ඇති බව ප්‍රකාශ කරමින් අදාල පාසලේ විදූහල්පතිගේ සහයෝගය මත අදාල සිසුවා 2024 දෙසැම්බර් මස සිට තාවකාලික පදනම මත යැයි ප්‍රකාශ කරමින් ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කර ඇත. ඒ පිළිබදව සිසුවාගේ මව විසින් අදාල පාසලේ විදූහල්පති මෙන්ම හම්බන්තොට කලාප අධ්‍යක්ෂකතුමිය වෙත කල පැමිණිල්ලට අනුව අදාල බලධාරින් නිහඬ පිලිවතක් රකිමින් අදාල මවට බැන පලවා හැරිය බව සිසුවාගේ මව අප සමග කියා සිටීහ.

පාසල් සිසුවකු අපයෝජනයට ලක්කලා යයි සිසුවා විසින්, පාසල් බළධාරින්ගේ බලපෑමට අනුව ව්‍යජ ලිඛිත ප්‍රකාශයක් සිදූකළ බව සිසුවා විසින් අදාල මවට ලිඛිතව ප්‍රකාශ කරයි.

මෙම ක්‍රිකට් පුහුණුකරු විසින් අදාල පාසලේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සිසුවකු උපයෝගි කර ගනිමින්, සැලසුම් සහගතව, මෙම මව විසින් එම සිසුවා අපයෝජනයට ලක්කර ඇති බව සඳහන් කරමින් එම සිසුවාට කියා පාසල් බළධාරින් විසින්  ලිපියක් ලියවා ගත් බවට එම සිසුවා විසින් අදාල මවට ලිඛිතව දන්වා ඇති අතර, ඒ පිළිබදව හුංගම පොලිසිය වෙත ගොස් අදාල මව විසින් වාචිකව  පැමිණිලි කර ඇත. පොලීසිය විසින් අදාල පාසලේ පාර්ශවකරුවන් සියල්ල පොලිසිය වෙත කැඳවා සිද්ධිය පිළිබදව සාකච්ඡා කර, අදාල මවට සිසුවා විසින් ලබාදී ඇති ලිපියද පොලිස් නිළධාරිණියක් විසින් රැගෙන සාකච්ඡාව නිමකර ඇත.

අනතුරුව සිසුවාගේ පියා විදේශයේ සිට ලංකාවට පැමිණ මෙම සිද්ධිය පිළිබදව අදාල විදූහල්පති සමඟ කළ සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස අදාල සිසුවාගේ භාරකාරිත්වය පියාට ලබා ගැනීම තුලින් අදාල සිසුවා ක්‍රිකට් කණ්ඩායමට නැවත ඇතුලත් කර ගතහැකි බව පවසා, පියාගෙන් ලිපියක් ලබාගෙන ඇතත්, මේ වනවිට එම කණ්ඩායමට ක්‍රීඩකයන් රැගෙන අවසන් බව ප්‍රකාශ කරමින් එම සිසුවා ක්‍රිකට් කන්ඩායමට රැගෙන නැත. ඒ අනුව එම අවනඩුව පිලිබදව කලාප කාර්යාලයට පැමිණිලි කිරීමට ගිය මවට, කලාප අධ්‍යක්ෂක තුමිය විසින් බැන පලවා හැර ඇත. මේ වන විට අදාල සිසුවා මෙන්ම සිසුවාගේ දෙමාපියන් පූර්ණ මානසිකත්වයකින් වැටී පෙළෙන අතර, සිසුවාගේ මව හා පියා අතර දූරස්ථ භාවයක්ද ඇති කිරීමට අදාල විදූහලේ ගුරු භවතුන් කටයුතු කර ඇති බව සිසුවාගේ මව විසින් අප සමග කියා සිටීහ.

මෙම සිද්ධිය පිළිබදව සලකා බැලීමේදී, මව විසින් යම් විනය විරෝධි කාර්යක් සිදූකර ඇත්නම් මවට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැණිමකින් තොරව මවගේ දරුවාට (සිසුවාට) දැඩි දඬුවමක් පාසල් බළධාරින් සහ වගකිවයුතු බළධාරින් විසින් ලබා දී ඇති. එය නීති විරෝධී සේම දරුවාගේ (සිසුවාගේ) මුලික අයිතිවාසිකම් කඩ කිරීමකි.

එමෙන්ම ගුරුවරයෙකු යනු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ සේවකයෙකි. එනම් ඔහු රාජ්‍ය බලය අනුව ක්‍රියාත්මක පරිපාලන විධායකයේ කොටසකි. ඔහු හෝ ඇය යම් දරුවෙකුට (සිසුවකුට) මානසික වධහිංසාවලට හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කළහොත් එය විධායක ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි. ඒ අනුව මේ වනවිට සිසුවාගේ මව විසින් වගකිවයුතු බළධාරින් වෙතද පැමිණිල්ලක් සිදූකර ඇති බව සිසුවාගේ මව විසින් අප සමග වැඩිදූරටත් කියා සිටීහ.

සටහන –

තරංග එල්. පටබැදි

Social Sharing
අවකාශය නවතම