
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත ලැබී ඇති 16,966ක් වූ පැමිණිලි අතරින් විමර්ශනය සඳහා තවදුරටත් පැමිණිලි 10,517ක් ඉතිරිව ඇත.
ඒ අනුව, අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 2027 වර්ෂය අවසන් වන විට පරීක්ෂණ සහ අදාළ රාජකාරි නිම කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික විනිසුරුවරුන්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින්, නීතිඥයින් ඇතුළු සුදුසුකම් සහිත පුද්ගලයින් 75දෙනෙකුගෙන් සමන්විත අනුමණ්ඩල 25ක් පත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇත.

