
2024 වසරේ බන්ධනාගාර තුළදී සිරකරුවන් එකොළොස්දෙනකු සියදිවි හානිකරගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ සඳහන් කරයි.
මෙම සිරකරුවන් විවිධ හේතුමත සියදිවි නසාගෙන ඇති අතර බොහෝ සිරකරුවන් මැදි වයසේ පුද්ගලයන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත. ඒ අනුව සියදිවි නසාගත් බොහෝමයක් සිරකරුවන් මානසික රෝගවලින් පෙළීම, විෂාදය ඇති වීම, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම, ඉච්ජාභංගත්වයෙන් පෙළීම වැනි හේතුමත මෙම සිරකරුවන් සිය දිවි නසා ගෙන ඇති බවට වාර්තා වේ.
එසේම බන්ධනාගාරගතව සිටි සිරකරුවන් 169 විවිධ රෝගී තත්ත්වයන් හා සංකූලතා හේතුවෙන් බන්ධනාගාරය තුළදීම මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වුවද සිරකරුවන්ගේ මානසික මට්ටම නගාසිටුවීම සඳහා මේ වනවිට බන්ධානාගාර තුළ වැඩසටහන් ක්‍රියාත්මක බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
