ඉදිරි මාසය තුළ NGO Secretariat එක අලුත් අමාත්‍යාංශයක් යටතට

ඉදිරි මාසය තුළ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය අලුත් අමාත්‍යංශය යටතට ගැනීමට නියමිත බව බිමල් රත්නායක මහතා සඳහන් කරයි. එහිදී ඔහු විසින් පළමුව මෙරටට ආ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන්වරයා විසින් නිකුත් කළ වාර්තාවේ ඇතුළත් කරුණු පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ අතර ඉන් අනතුරුව ඔහු පවසා සිටියේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්‍යාලය දැනට පවතින අමාත්‍යංශයෙන් ඉවත් කොට එළඹෙන මාසයේ සිට වෙනත් අමාත්‍යංශයක් යටතට ගැනීමට නියමිත බවයි.

ඒ අනුව ඔහු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා යම් යම් විෂය සංශෝධනයන් සමඟ මෙම වෙනස් කිරීම නියමිත බවයි. එමෙන්ම ඔහු එහිදී සඳහන් කළේ එම සංශෝධනයන් වල දී රාජ්‍ය නොවන සංවිධාන ලියපදිංචිය සඳහා බාධාවන් පැමිණ වීමක් සිදු නොකරන බවයි.

සම්පුර්ණ සාකච්ඡාව නැරඹීමට පහත සබැඳිය හා සම්බන්ධවන්න

Social Sharing
අවකාශය නවතම