
ඊශ්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමණය කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති පසුබිමක එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශයන් හි සාගත තත්ත්වයක් ඇතිව ඇති බව නිල වශයෙන් තහවුරු කර ඇත.
ඒ අනුව මේවන විට ගාසා තීරයේ පැතිරයන සාගත තත්ත්වයට පුද්ගලයින් 641,000කට මුහුණ දෙන අතර දරුවන් 132,000කට ආසන්න පිරිසක් මියයෑමේ අවදානමකට ලක්ව ඇති බවට වාර්තා වේ. තවද ගතවු පැය 24 ක කාලය තුළ පුද්ගලයින් අට දෙනෙකු සාගතයෙන් මියගොස් ඇති අතර, ඒ සමඟ සාගතයෙන් මියගිය සංඛ්‍යාව 281 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට දරුවන් 114 දෙනෙකු අයත් බව සඳහන් වේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා හි සාගතයෙන් සිදුවන මරණ යුද අපරාධයකට සමාන බවයි.
