පොලිසීයට බඳවා ගන්නා නව නිලධාරීන්ට සයිබර් අපරාධ සම්බන්ධයෙන් නව පුහුණුවක්!

පොලිසියට අලුතින් බඳවා ගන්නා පොලිස් නිලධාරින් පන්දහසට සයිබර් අපරාධ සෙවීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසා සිටියි.

අමාත්‍යවරයා පෙන්වා දෙන ආකාරයට මේ දිනවල එම බඳවා ගැනීම් කටයුතු සිදු කෙරෙන බවත් විශේෂයෙන්ම සයිබර් අපරාධ සෙවීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය බවත් එම පොලිස් නිලධාරීන්ට  විශේෂ පුහුණුවක් සමගම ඔවුන්ට විශේෂඥයින්ගේ දැනුම ලබාදීම සයිබර් අපරාධ වැළැක්වීම සඳහා විශාල පිටිවහලක් වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

තවද මේවන විට පොලිස් සේවයට තවත් විසි අටදහසක පමණ නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත් එම බඳවා ගැනීම් කටයුතු අදියරෙන් අදියර සිදු කරන බවත් මෙම පොලිස් නිලධාරීන් පන්දහස බඳවා ගැනීමෙන් අනතුරුව ලබන වසරේදී තවත් පන්දහසක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ‍ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Social Sharing
ආර්ථික නවතම