මෙරට වතුකර කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්වන බව ඇමරිකානු මානව හිමිකම් වාර්තාවෙන් හෙළිදරව්වක්!

ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ද්‍යාකරණය පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුව පවසයි. ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ 2024 වාර්තාව තුළිණි.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන උපුටා දක්වමින් මෙම වාර්තාව සඳහන් කර ඇත්තේ, ස්වේච්ඡාවෙන් සිදු කරන ලද වන්ද්‍යාකරණය දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන සමහර ආන්තික ප්‍රජාවන්ට, විශේෂයෙන් දෙමළ වතු කම්කරුවන්ට බලපා ඇති බව යි. ඒ අනුව රජයේ රෝහල් තුළ රජයේ වෛද්‍යවරු ළදරුවන් ප්‍රසූත කිරීමේදී සිසේරියන් සැත්කම් තෝරා ගන්නා අවස්ථාවේදීම මෙම වන්ධ්‍යාකරණ කටයතු සඳහා අදාළ කාන්තාවගේ සැමියාගේ කැමැත්ත පමණක් ලබා ගෙන මෙම කටයතු සිදුකරන බවත් මෙම වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වෛද්‍යවරුන් බොහෝ විට කාන්තාවගේ කැමැත්ත ලබා නොගන්නා බවට ද ඔවුන් වාර්තා කර ඇතැයි මානව හිමිකම් භාවිතයන් පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් සඳහන් කර තිබේ.

උපුටා ගැනීම BBC වෙබ් පිටුවෙනි.

Social Sharing
අවකාශය නවතම