2024 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා!

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරට අදාල මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා ඇති අතර එහි මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ඇතුළත් කර තිබේ. එම වාර්තාවෙන් පෙන්වාදෙන ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය අවම පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවට අමතරව ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ මෙම වාර්තාවෙන් කරුණු අනාවරණ කර ඇත. එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද පරිච්ඡේදනයේ නීතිවිරෝධි ඝාතන සම්බන්ධයෙන් රජය හෝ එහි නියෝජිතයින් අත්තනෝමතික හෝ නීතිවිරෝධි ඝාතන සිදුකළ බවට කරුණු ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම පසුගිය ජනවාරි සිට අගෝස්තු අතර කාලයේදී අත්අඩංගුවේ පසුවෙමින් තිබියදී සිදුවූ මරණ 7 ක් පිළිබඳ මෙම වාර්තාවේ සඳහන්ව ඇති අතර තවද පසුගිය වසර පුරා ඉලක්කගත වෙඩි තැබීම් 103ක් පොලිසිය විසින් සිදුකර ඇති බවද එහි අන්තර්ගත අතර 2023 වසරේ එවැනි සිදුවීම් 120ක් වාර්තාවී ඇති බවයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය ඇතුළු සියලු‍ දෙනාටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී ඇති නමුත් රජය සමහර විට මෙම අයිතිය සීමාකර ඇති බවත් සංවේදී මාතෘකා ආවරණය කරන මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සහ බිය ගැන්වීම් පිළිබඳ මෙම වාර්තාවේ අන්තර්ගත වේ.

පාපොච්චාරණ ලබා ගැනීම සඳහා වධහිංසා පැමිණවීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ගනිමින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද උතුරු හා නැගෙනහිර පළාත්වල මාධ්‍යවේදීන් සහ පුරවැසි මාධ්‍යවේදීන් වාර්තා කර ඇත්තේ, සිවිල් යුද්ධය හෝ එහි ප්‍රතිඵල, අතුරුදන්වූවන් ඇතුළු පවතින මන්දගාමී ප්‍රගතිය, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන තොරතුරු ද මෙම වාර්තාවට ඇතුළත් වෙයි. මෙම වාර්තාවට අනුව රාජ්‍ය ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් හිරිහැර, තර්ජන, බිය ගැන්වීම් සහ මැදිහත්වීම්වලට පුර ලක්ව ඇති බවයි.

කෙසේවෙතත් රජයේ බලධාරීන් විසින් හෝ ඔවුන් වෙනුවෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ වාර්තා වී නොමැති බවද මෙම වාර්තාවේ අන්තර්ගතයි.

 

 

Social Sharing
අවකාශය නවතම