
සිය උපත් පාලන ලූපය ඉවත් කර ගැනීමට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගිය මවක් අපයෝජනය කළ වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් අද වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ 25 හැවරිදි මවක් වන අතර ඇයට රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ගෙවන ලෙස එම වෛද්‍යවරයාට විනිසුරුවරයා නියෝග කර ඇති අතර, එය පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර 03 ක සිර දඩුවමක් නියම කර ඇති බවට වාර්තා වේ.
මෙලෙස දඩුවම් නියම වූයේ අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ පදිංචි විජේකෝන් විජේරත්න නැමැති අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ රනවරාව රෝහලේ සේවය කළ 70 හැවිරිදි වෛද්‍යවරයෙකුටයි. ඒ අනුව 2020 වසරේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ අයුරින් නියෝගයක් නිකුත් කර තිබුණි.
