ඇත්ත සොරා නිදැල්ලේ සිටියදී වෙනත් අයෙකුට පහර දී බන්ධනාගාරෙට යැවූ ජා ඇල පොලිසිය.

නිවසක භාන්ඩ සොරකම් කළා යැයි පවසමින් තරුණයෙකුව අත්අඩංගුවට ගෙන පහර දී ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනාවක් ගොනු කොට බන්ධනාගාරගත කළ සිද්ධියක් ගම්පහ ඒකල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ අනුව මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරේෂ් මධුරංග නැමැති 31 හැවරිදි තරුණයෙකි. ඔහුගේ නිවස ඉදිරිපිට නිවස ඉකුත් අප්‍රේල් මස සොරකමකට ලක්ව ඇති අතර මෙම සොරකමට සැකපිට ජා ඇල පොලිසීය විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන ඇත. පසුව පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමෙන් අනතුරුව නිදහස් කොට ඇති අතර ජුනි මස පස් වන දා නැවත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුව මොහුගේ දෙමාපියන් එම අවස්ථාවේ පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එවිට මොහු හොඳින් සිටින අයුරු ඔවුන් විසින් දැක ඇත. එදිනම රාත්‍රියේ පසුව සුරේෂ්ට රාත්‍රි ආහාර ද ගෙන නැවත පොලිස් ස්ථානයට පැමිණි ඇති අතර එහි සිටි පොලිස් නිල්ධාරියෙකුගෙන් ඔහුගේ පුතා පිළිබඳ විමසූ විට එවැනි පුද්ගලයෙක්ට පැමිණිල්ලක් නොමැති බවත් එවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට නොගත් බවත් පවසා ඇත. තවද සිරමැදිරියට ගොස් ඇයටම පරීක්ෂාකරන මෙන් පවසා ඇති අතර ඔවුන් එම සිර මැදිරිය අසළට යන විට ඔහු ඉතා අපහසුවෙන් සිට ඇත. එහිදී සුරේෂ්ගේ දෑත්වල ඇඟිලි ඉදිමී තිබෙන අයුරුත් ලේ ගලමින් තිබෙන අයුරුත් ඔවුන් දැක තිබේ.

ඒ පිළිබඳ විමසන අවස්ථාවේ සුරේෂ් විසින් සිවිල් ඇඳුමින් සිටි අයෙක් ඔහුට පහර දුන් බව පෙන්වා ඇති අතර සුරේෂ් පවසා ඇත්තේ සොරකම් කළ භාන්ඩ පිළිබඳ අසමින් ඔහුට පහර දුන් බවයි. මොහුගේ මව පවසන ආකාරයට ඔවුන් සිටින ප්‍රදේශයේ සුරේෂ් යන නමින් තවත් පුද්ගලයෙක් සිටින බවත් ඔහු සොරකමේ යෙදෙන පුද්ගලයෙක් බවත්ය. ඒ අනුව ඇය චෝදනාකරන ආකාරයට අනුව පොලිසිය ඔහු වෙනුවට මැයගේ පුතාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් ජුනි හත් වන දා වත්තල අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් බවට චෝදනා කොට බන්ධනාගාර ගත කර ඇති බවත් ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔවුන් විසින් මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, පොලිස් අධිකාරි කාර්‍යාලයට ද පැමිණිළි කර ඇත.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව ගම්පහ ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.

ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය- 0777883741

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

0112-669100

www.right2lifelanka.org

 

Social Sharing

අවකාශය නවතම