සමගි ජන බලවේගයේ ගැටුම්…!

සමගි ජනබලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරැ කණ්ඩායමෙන් අටදෙනෙකු පසුගිය දා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පලකිරීමත් සමගම ඒම පක්ෂය තුළ සෑහෙන අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබේ.

පක්ෂයේ උප ලේකම් ලෙස කටයතු කරන ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ ප්‍රධාන පර්ශවකරුවන් වන රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් හා මනෝ ගනේෂන් යන අයගේ පක්ෂ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ආණ්ඩු පක්ෂය සමග ඒකව ඡන්දය ප්‍රකාශ කිරීමට ඒරෙහිව ඒම මන්ත්‍රීවරැ සමගි ජන බලවේගයෙන් නෙරපන ලෙස ඉල්ලා ඒම පක්ෂයේ අභ්‍යන්තරයෙන් දැඩි බලපෑමක් පක්ෂ නායකත්වය වෙත ඒල්ල වෙමින් තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී මරණිය දණ්ඩනය යළි ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රකාශ කිරීමත්, ඒය සමගි ජන බලවේගයේ ස්ථාවරය බව ප්‍රකාශ කිරීමත් නිසා මරණ දණ්ඩනයට විරුද්දව අදහස් දරන තම කණ්ඩායම් අනෙකුත් සමාජිකයින් දැඩි කනස්සල්ලට පත්වී තිබේ.

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔබේ පෞද්ගලික මතයද නැතිනම් පක්ෂයේ මතය ද යන්න අධිකරණ ඇමති අලි සබ්‍රි විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණයෙන් කියා සිටියේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තමන්ගේ පෞද්ගලික ස්ථාවරයක් නොව තමන් නායකත්වය දෙන සමඟි ජන බලවේගයේ ස්ථාවරය බවත් ප්‍රකාශ කළේය.

නැවතත් අධිකරණ ඇමති සඳහන් කර සිටියේ, විපක්ෂයේ මන්ත්‍රීවරු මරණ දඬුවමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බැවින් මෙය පක්ෂයේ අදහස ද යන්න පැහැදිලිව ප්‍රකාශ කරන ලෙසයි.

”මරණීය දණ්ඩනය දෙන එක මගේ පෞද්ගලික මතය නොව අපේ පක්ෂයේ මතයයි” යයි පැවසු විපක්ෂ නායකවරයා,  තම පක්ෂය තුල ආණ්ඩු පක්ෂයේ මෙන් පෞද්ගලික මතවාද නොමැති බවත් තිබෙන්නේ පොදු මතවාද බවත් අවධාරණය කළේය.

හිටපු අධිකරණ ඇමතිනී සහ සමගි ජන බලවේගයේ නායිකාවක වන තලතා අතුකෝරල මහත්මියගෙන් විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු පාර්ලිමේන්තුවේදී කළ විමසීමකදී ඇය සඳහන් කර ඇත්තේ, මරණීය දණ්ඩනයට එදා මෙන්ම අදත් තමන් තරයේ විරුද්ධ බවකි. මරණ දඬුවම තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් එබැවින් අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඒදා මෙන් අදත් විරැද්ධ බව ප්‍රකාශ කර තිබේ.

Social Sharing
නවතම