සමගි ජන බලවේගයේ ඩයනාගෙන් බල්ටියක්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිතු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට එම පාර්ශවය වෙත සිය සහාය පළකරන්නට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් කියා සිටියේ ඩයනා ගමගේ මහත්මියගේ එම තීරණය පිළිබඳව පක්ෂයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද දැනුවත් කර ඇති බවය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ විමල් වීරවංශ පාර්ශවය මෙම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙනවා ද නැද්ද යන්න තවමත් සිතා බලමින් ඇතැයි දැනගන්නට ලැබේ. ඔවුන් ඔවුන්ගේ තීරණය දැනුන්දීම සඳහා මාධ්‍ය හමුවක්ද කැඳවා ඇතැයි වාර්තා පළවේ. කෙසේ නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයකින් සම්මත කරගැනීම සඳහා රිසාඩ් බදූර්දීන් සහ රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රී කණ්ඩායමෙන් ආණ්ඩුවට සහාය ලැබෙනු ඇති බවත් වාර්තා වේ.

කේ. සංජීව

Social Sharing
නවතම