පුද්ගලිකය දේශපාලනිකය…

Michael Jackson Heal the World Fundation

මිනිස්සු තමන්ගේ පුද්ගලික ධනයෙන් යමක් දෙනකොට ඒක දෙන්නේ තමන් කැමති තැනට. තමන් කැමති සමාජ කොටසට. ඒ තමන් කැමති කොටසේ විශේෂ අභිවෘධිය සලකා. ඒක පුද්ගල බද්ධ සංවේදී දෙයක් වෙන්න පුළුවන්.

තමන්ගේ දරුවෙක් පිළිකා රෝගයෙන් මැරුණු පියෙක් මවක් තමාගේ ධනය දෙන්න කැමති වෙන්නේ පිළිකා රෝහලට වෙන්න පුළුවන්. ඒ ළමයාගේ නමින් වාට්ටුවක් විවෘත කරන්න වෙන්න පුළුවන්.

ඉස්සර රණ විරුවෝ මැරුණම ඒ හම්බවුන වන්දි මුදලින් එයාගේ දෙමව්පියෝ හරි බිරිද දරුවන් හරි බස් හෝල්ට් හැදුව. කැතේ බැරි විදියට තමයි හැදුවේ. නමුත් එහෙම හැදුව. අර රණ විරුවාගේ නමින්. පොදු අවකාශයේ එයාගේ නම ලිව්වා.

අපේ ගමේ පන්සලේ පාර හැදුවේ එහෙම රණ විරුවෙක් නමින්. තවමත් ඒ නම තියනවා.

ඒ වගේ තමයි තමලිනි උනත් තමන්ගේ පොතේ අදායම ඔය පිළිකා රෝහලට දෙන්න ඇත්තේ. පුවතේ සත්‍ය අසත්‍ය බව මම දන්නේ නැති උනත් මිනිස්සු පුද්ගලික දේවල් කරන්නේ යම් යම් ළබැඳියාවන් එක්ක. ඒකට ඉඩක් තියෙන්න ඕනි.

හැබැයි රෝහල් වාට්ටුවක් හදන්නේ රෝහල් ප්‍රමිතියට යටත්ව.

මම දන්නා රත්නපුර පළාතේ මැණික් ව්‍යාපාරිකයෝ ඉන්නවා එයාල ප්‍රධානයක් කරන්නේ එයාලගේ අභිමතය පරිදි. හැබැයි අර නිර්නායක වලට යටත්ව. එතකොට වැඩ දෙකම වෙනවා.

ඒ දෙන දේ ගෞරවයෙන් ගන්න එක තමයි කරන්න තියෙන්නේ.

තමන්ගේ පොදු ප්‍රතිපත්ති ඒ නිසා අවුල් කරගන්න ඕනි නැහැ. මේ දෙක (රාජ්‍ය ප්‍රතිපත්තිය සහ පුද්ගල ප්‍රධාන) සමහන් කරගන්න එක තමයි ස්මාර්ට් කියන්නේ.

-මහේෂ් හපුගොඩ-

Social Sharing
අවකාශය