ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති සහ නීති ප්‍රමාණවත්ද?

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තා අනුව අනාරක්ෂිත ආහාරවල බලපෑම නිසා අවුරුදු පතා මිලියන 600ක් දෙනා රෝගී වෙනවා. 420,000ක් වාර්ෂිකව මරණයට පත්වෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ නීති අතර  1980 ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
ආහාර සුරක්ෂිතතා නීතිවල හිඟකම නිසා ශ්‍රී ලංකාව ඊටත් වඩා විශාල අභියෝගවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රමිතීන් සම්බන්ධයෙන් මේ ගැටලුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගොවීන් බහුතරයක් යහපත් වගා පිළිවෙත් ගැන දැනුවත් නැහැ. නව ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියක් සහ නීති සම්පාදනයක් අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසායි.
සංවර්ධිත රටවල් ආහාර මගින් බෝවන රෝග කාරක පිළිබඳ නිතිපතා නිරීක්ෂණය කරනවා. ඒ වුණත් ශ්‍රී ලංකාව බොහෝ විට ආහාර මගින් බෝවන රෝග කාරකවලින් එල්ල වන තර්ජන නොසලකා හරිනවා. කැම්පයිලෝබැක්ටර්, ඊ කෝලයි, කොලරාව සහ හෙපටයිටිස්ට් A ආදී  ආහාර මගින් බෝවන රෝගවල දී, සම්බන්ධ රෝග කාරක හඳුනා ගැනීමට ඉඩක් ශ්‍රී ලංකාවේ ඇත්තේ නැහැ.
අනාරක්ෂිත ආහාර පිළිබඳ තොරතුරු ලබා ගැනීම හා පැමිණිලි කිරීම පාරිභෝගික අයිතිවාසිකමයක්. ඒ සඳහා  ඔබට 0117 755 455 අංකයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා සම්බන්ධ විය හැකියි.
Social Sharing
නවතම පුවත්