වතු වල සේවය කරන ජනතාව හෙට සිට වර්ජනයක…

වතු වල සේවය කරන ජනතාවගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තේ වතු සමාගම් වලට උපදෙස් ලබා දි තිබියදි එම වැටුප ලබාදිමට වතු සමාගම් එකගතාවය පල නොකිරිමට විරෝධය පාමින් වතු කම්කරුවන් (22) දින සිට ආරම්භ කිරිමට සැලසුම් කර ඇති වැඩ වර්ජනයට සහය දක්වන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පා.ම පලනි දිගම්බරම් මහතා (20) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බැව් පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ රටේ පවතින ජිවන වියදමට සරිලන සේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා කඩිනමින් වැඩි කරන ලෙසට වතු සමාගම් වලට උපදෙස් ලබා දි තිබියදි එම වැටුප වැඩි කිරිම වතු සමාගම් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

දැනට වතු කම්කරුවෙකුට ගෙවන රු දහසක දෛනික වැටුපට අමතරව රු 400 ක මුදලක් වැඩි කර දිමට වතු සමාගම් එකගතාවය පල කර ඇති බවත්, ඉතිරි රු 300 කොන්දේසි සහිතව ලබාදිමට එකගතාවය පල කර ඇති බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

 

Social Sharing
නවතම පුවත්