සමාජ සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබ්බට සිතිය යුතුයි.

Journalists need to think outside the box to create social harmony.

ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සි.දොඩාවත්ත

සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූජා ව්‍යාපෘතිය විසින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ වෙනුවෙන් 2024 අප්‍රේල් 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති පුහුණු වැඩසටහනේ දී ජේෂ්ඨ මාධ්‍යවේදී සී දොඩාවත්ත විසින් සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම වෙනුවෙන් ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයෙන් පැවැත්වූ දේශන ඇසුරෙන් සකස් කරන ලදි.

ජනමාධ්‍යවේදියාගේ කාර්යයේ වර්ධනය

සමාජය සහ ආගම අතර ඓන්ද්‍රීය සම්බන්ධතාවයක් තිබේ. ජනමාධ්‍ය මගින් ලැබෙන දැනුම මිනිසුන්ව ශික්ෂණය කරන්නේ ඒ පදනම මත. කාලයාගේ ඇවෑමෙන් වැඩ වසම් පාලනය වෙනස් වී රාජ්‍ය ප්‍රතිසංස්කරණය වීමකට ලක්වේ. අලුත් සමාජයක්, නව සමාජ ව්‍යූහයක් බිහිව නව මිනිසෙක් බිහි වූණත් නව මිනිසාට ගැලපෙන රාජ්‍යයක් ගොඩනැගුණේ නැත. වැඩවසම් සමාජයේ සිටි හුදකලා වුනු, විසිරුණු සමාජය, නව සමාජය වෙළඳ පොළ සංවර්ධනය වී, නව මාර්ග පද්ධතීන් නිර්මාණය වී,  ජනතාව මිශ්‍ර වීමත් සිදුවේ. එහි ප්‍රථිඵලයක් ලෙස විවිධ ජාතීන්, විවිධ ආගමික කණ්ඩායම් එකතු වී ගොඩනැගෙන්නේ බහුත්වවාදී සමාජයකි. ඊට පෙර තිබූ සමාජ ක්‍රමයන්හිදී එවැනි හමුවීම් තිබුණේ නැත. ඇති වී තිබෙන්නේ අලුත් තත්ත්වයකි. නමුත් නව මිනිසාව තවත් ශික්ෂණය කරනු ලබන්නේ තමන්ටම සීමා වූ ආගම හෝ ජාතිකත්වය තුළයි. සමාජය සංවර්ධනය වන්නේ ඊට වඩා පුළුල් සමාජයක් තුළයි.

අපට “සාමය හෝ සංහිඳියාව” තේරුම් ගැනීමට සිදුවන්නේ මෙම ඓතිහාසික පසුබිම තුළ සිටයි. පුරවැසියාව, පුද්ගලයාව එක් විදියකට ශික්ෂණය වූ අතර, සමාජය ඊට වඩා වෙනස් අයුරකින්ගොඩනැගෙමින් තිබුණි. ඒ අයුරින් ගොඩනැගුණු අර්බුදය, වෙනස සමාජය අදත් අත්විඳිමින් තිබේ. සාමය, සංහිඳියාව ගොඩනැගීමේ ආරම්භක ගැටළුවට වත්මන් ජනමාධ්‍ය මුහුණ දී තිබේ. ජනමාධ්‍ය මුල සිටම ගොඩනැගුවේ බහුත්වවාදී සමාජයකට ගැලපෙන පුරවැසියෙක් නොවන අතර, තමන්ගේ ආගමට, තමන්ගේ සංස්කෘතියට සීමා වූ පුද්ගලයෙක් පමණක් ගොඩනැගුණි. ආගමික පුද්ගලයන් තමන්ගේ ආගම ගරු කරන අතර ඔවුන් තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ද තිබිය යුතුයි. පොදු සමාජයක මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වේ. අපට අනෙකුත් ආගමික කණ්ඩායම්, සංස්කෘතීන් සමඟ ගනුදෙනු කිරීමට සිදුවන අතර එම ආගමික ඇදහිලි, සංස්කෘතීන්ට ගරු කිරීමට ද අපට සිදුවේ. විවිධ ආගමික සංස්කෘතික කණ්ඩායම් ගෞරවණීය ගනුදෙනුවකට යාමට අපට සිදුවේ. මෙම ගනුදෙනුව සඳහා සමාජය ජනමාධ්‍ය විසින් ශික්ෂණය නොකිරීමේ ගැටළුව අපට හඳුනාගැනීමට පුළුවන් වී තිබේ.

“සාමය සංහිඳියාව ගොඩනැගීම” යන තේමාව ගැන සාකච්ඡා කිරීමේ දී මෙම සන්දර්භය වටහාගැනීම වැදගත්. මෙම ගැටළුව අද ඊයේ මතු වූ, පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් ගොඩනැගූ ගැටළුවක් නොවේ. එවැනි මතයක සිටීමත් මෙම ගැටළුවට මුහුණදීමට බාධාවක්. අවබෝධය පමණක් සමාජයකට ප්‍රමාණවත් වන්නේ නැත. පුළුල් අවබෝධයක් මේ ගැටළුව විසඳීමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරනු ලබයි.

ලංකාව තුළ සාමය, සංහිඳියාව නොමැතිකම කෙරෙහි ජනමාධ්‍යයත් යම් ප්‍රමාණයකට වගකිව යුතුයි.

සංහිඳියාව ගොඩනැගිම සඳහා ජනමාධ්‍යවේදියාගේ වත්මන් කාර්යභාරය

පවතින තත්ත්වය වෙනස් කිරීමට සහ ජනවාර්ගික සාමය තහවුරු වුනු සමාජයක් ගොඩනැගීමට ජනමාධ්‍යවේදීන් වශයෙන් මැදිහත්වීම ගැන ගැඹුරින් සිතිය යුතුවේ. අප කලින් හඳුනගත් ගැටළුව තුළම ඊට පිළිතුරු තිබේ. බහුත්වවාදී සමාජයක ජීවත්වන පුරවැසියන් ශික්ෂණය නොකිරීම ගැටළුව නම් ජනමාධ්‍යවේදීන් වගකීම වන්නේ පුරවැසියන්ව සංවිධානය, පුරවැසියන්ව ශික්ෂණය කිරීමයි. ඒ තුළින් අනෙක් සංස්කෘතීන් ඉවසන, ගනුදෙනු කරන, සංවාදය යෙදෙන පුරවැසියන් ගොඩනැගිය යුතුයි.  පුරවැසියන් ‍ශික්ෂණ කිරීමට පොදු ආගමක්, පොදු  සංස්කෘතියක් බිහිවීම සිහිනයකි. දැනුවත් මාධ්‍යවේදීන් වශයෙන් සංහිඳියාව සහ සාමය උදෙසා තමන්ගේ භූමිකාව හඳුනාගැනීම වැදගත් වේ.

එමෙන්ම ජනවාර්ගික ගැටළුව මෙතරම් කාලයක් උඩුදුවමින් පවතින්නටත් හේතු කවරේදැයි විමසා බැලීමක් ද සිදු කිරීම අවශ්‍ය වේ. අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවේ. යටත් විජිත යුගයේ සිටම පුරවැසියන් සහ රාජ්‍යය අනාගතයට උචිත විදියට සංවිධානය කිරීමට නොහැකිවීමේ අර්බුදය අප ඉදිරියෙන් තිබේ. ජනමාධ්‍ය මේ අර්බුදය ඇති කිරීමට හේතුවක් වූ අතරම අර්බුදය විසඳීමට ද දායකවිය හැකි මෙවලමක් ලෙස සැලකිය හැකියි.

ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය වෙනස්වීම

ඓතිහාසික ක්‍රියාවලිය තුළ පැමිණි ජනවාර්ගික අර්බුදය 80 දශකයේ දී වඩාත් තීව්ර විය. 80 දශකයේ දී ඇති වූයේ 30, 40 ගණන් වල තිබූ අර්බුදයට වඩා වෙනස් අර්බුදයකි. 50, 60 ගණන් වලදී අර්බුදය ඊටත් වඩා වෙනස් විය. 80 ගණන් වල තීව්ර වුනු මේ අර්බුදය ස්වභාවය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ විද්‍යාඥයෙක් වූ නිව්ටන් ගුණසිංහයන් විසින් “ජනවාර්ගික ප්‍රශ්නය අධිනිෂ්නය” වී ඇති බව ප්‍රකාශ කළා. එයින් නිව්ටන් ගුණසිංහයන් අර්ථ දැක්වීමට උත්සාහ කරන ලද්දේ ජනවාර්ගික අර්බුදය රටේ තිබූ සියළු ප්‍රශ්න අභිබවා ගොස්, එය සමාජ ප්‍රශ්න අතර ඉහළටම ගමන් කර තිබෙන බවයි. රටේ නායකයන්, පක්ෂ වල නායකයන් කව්ද ජනවාර්ගික ප්‍රශ්නය විසින් තීරණය කර ඇති බව ඔහු පැවසුවා. නායකයන් ඝාතනය වූ පසුව ඉතුරු වෙන කෙනා නායකයා වේ. ඡන්ද තැබීම හෝ නොතිබීම පවා තීරණය වන්නේ ඒ වටා බව පැහැදිලි කළා.  රටේ සම්පූර්ණ තත්ත්වය පාලනය කරන ලදි.. 60, 70 ගණන් වල දුප්පත්කම, ඇති නැති ප්‍රශ්නය, දේශපාලන තේමාවන් වෙනස් විය. හාල්පොත, ඇට අට වැනි දේශපාලන ප්‍රචාරකවාදී කතාවන් ද වෙනස් විය. ජනවාර්ගික අර්බුදය මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සමත්විය.

සංහිඳියාව ගොඩනැගීමේ අභියෝගය

රටේ සංහිඳියාවට යුදමය විසඳුමක් දුන් බව පුරසාරම් දෙඩුවත් රටේ සංහිඳියාව පිළිබඳ ප්‍රශ්නය තවමත් විසඳී නැති බව සිදුවන සිදුවීම් වලින් පෙනේ. ජනමාධ්‍යවේදින් සංහිඳියාවට විසඳුමක් අපේක්ෂා කරන්නේ නම් මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම වැදගත්වේ.

ජනමාධ්‍යවේදීන් සංහිඳියා ගොඩනැගීමට මැදිහත් වෙන්නේ කෙසේද? පහුගිය කාලය තුළ සංහිඳියාව ගැන ජනමාධ්‍යවේදීන් හැටියට අප බොහෝ අත්දැකීම් ලබා තිබේ. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ සම්මණ්ත්‍රණ, පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වී ඒ අත්දැකීම් ද ලබා තිබේ. නමුත් ප්‍රශ්න විසඳී නොමැත. එම උත්සාහයන් සාර්ථක ආසාර්ථක ද යන්න ගැනත් ඊට පදනම් වූ හේතු ගැනත් අප කල්පනා කළ යුතු වේ.

යුද්ධය පැවතුණු කාලය තුළදී සාමය හා සංහිඳියාව සඳහා ජනමාධ්‍යවේදීන් සිදු කළ කාර්යභාරය අතිවිශාල නමුත් රට පාලකයන්ගේ ක්‍රියාකලාපය නිසා එම උත්සාහයන් බිඳ වැටුණි. මේ වනවිටත් උතුරු නැගෙනහිර සිටින දේශපාලන නායකයින් ජනවාර්ගික අර්බුදයට අපේක්ෂා කරන විස‍ඳුම් නොලැබුණු බවසයි. දකුණේ නායකයින් යෝජනා ඉදිරිපත් කිරීම හා සාකච්ඡා කිරීම පමණක් කරන බවයි ඔවුන් ප්‍රකාශ කර තිබේ. එම අදහස ජනාමාධ්‍යවේදියෙක් විසින් සම්පත්දායක සී.දොඩාවත්ත වෙත අදහසක් ඉදිරිපත් කරමින් පවන ලදි.

ජනමාධ්‍යවේදීන් ලෙස මෙම තත්ත්වය විසඳීමට යම් වෙනසක් සිදුවී තිබෙන බව පැහැදිලියි. 80 – 90 දශකවල ජනමාධ්‍යවේදීන් ක්‍රියා කළාට වඩා සාපේක්ෂ දැනුවත්භාවයකින් ජනමාධ්‍යවේදීන් කටයුතු කරන බව වර්තමානය වන විට දක්නට ලැබේ. විවිධත්වය පිළිබඳ අත්දැකීම්, වෙනස් සංස්කෘතීන් පිළිබඳව අවධානය යොමු කිරීම් ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරිත්වය තුළ දක්නට ලැබේ.

නැවතත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙක් මෙසේද පැවසීය. සංහිඳියාව ගොඩනැගීම ජනමාධ්‍යවේදීන්ට පමණක් කළ හැකි තත්ත්වයක් නොවේ.උතුරු නැගෙනහිර ජනමාධ්‍යවේදීන් හමුවන උතුරේ දේශපාලන නායකයන් ජනවාර්ගික අර්බුදයට සාර්ථක, දිගුකාලීන දේශපාලන විසඳුමක් අත්දැකීම නොලැබුනහොත් නැවතත් අර්බුදයක් ඇතිවන බව අවධාරණය කරනු ලබනවා. එවැනි තත්ත්වයක් මැද වුවත් උතුර නැගෙනහිර ජනමාධ්‍යවේදීන් එම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරනු ලබනවා.

90 දශකයෙන් පසුව ජනමාධ්‍යවේදීන්ගේ ධාරිතා වර්ධනය

වර්තමානය වන විට ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය තුළ වර්ධනීය හා සාධනීය ලක්ෂණ ඇතුළත් වී තිබේ. අතීතයේ දී මෙවැනි සංවාදයන් පවා ජනමාධ්‍ය කණ්ඩායම් අතර නොපැවැත් වුනි. එවැනි කාලයන් වලදී ජනමාධ්‍යවේදීන් සංහිඳියාව ගැන ක්‍රියාත්මක වූයේ තමන් තුල තිබුණූ ස්වයං අවබෝධයෙනි. ඒ සඳහා ජනමාධ්‍යවේදීන් ඒ ශික්ෂණය ලබාගනු ලැබුවේ, ඊට කලින් තිබූ මාධ්‍ය සම්ප්‍රාදායන්ගෙනි. ඒ අතරින් බොහෝ ජනමාධ්‍යවේදීන් ක්‍රිියාත්මක වුනේ ආගමික,ජාතිකවාදී මතවාදයන් ප්‍රවර්ධනය සඳහායි. ඔවුන් විශ්වසයන්ට අනුව ගොඩනැගුනු ආගමීක,ජනවාර්ගික දෘෂ්ඨිකෝණයන්ට අනුව එය නිවැරදි විය හැකිය. නමුත් එයින් රටට අවශ්‍ය පුරවැසියා බිහිවීමක් සිදු නොවිනි. 80 – 90 දශකයන් වලදී ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව ගැන බොහෝ සාකච්ඡාවන්, වැඩසටහන්, පුහුණු පාඨමාලා ඇති විය. ජනාමධ්‍ය ක්‍රියාකාරිත්වයන් සම්බන්ධව පර්යේෂණ සිදුවු අතර පොත් පත් ද පළ විය. ඒ අනුව දැනුවත් ජනමාධ්‍යවේදීන් පරම්පරාවක් බිහිවීම ඇරඹුනා. 90 දශකය වන විට ජනවාර්ගික අර්බුදය උග්‍රවීමත් සමග මෙම නැඹුරුව වඩාත් වර්ධනය විය. ඒ තුළින් නව මාධ්‍ය සංස්කෘතියක් බිහි විය.

වර්තමානය වන විට රටේ තත්ත්වය තීරණාත්මක තත්ත්වයකට පැමිණ තිබේ. යුදමය වශයෙන් සිදුවූ සිදුවීම් හැරවුම් ලක්ෂයක් ලෙස පෙනී ගියත් දේශපාලන ප්‍රශ්නය විසඳුමකින් තොරව තිබේ. අර්බුදයක් ලෙස මෙම තත්ත්වය සමාජයකට තව කොතරම් කල් දරාගෙන සිටිය හැකිද? යන්න අපි රටක් වශයෙන් මුහුණ දෙන ගැඹුරු ප්‍රශ්නයකි. වර්තමානයේ අප සමාජය නිශ්චල මුහුදක ස්වභාවයක පවතී. කුණාටුවක් කොයි මොහොතක හමා වි දැයි කිව නොහැකිය. ජනමාධ්‍යවේදීන් ලෙස අවබෝධයක, දැනුවත්භාවයක සිට සමාජය වඩා යහපත් ස්ථානයකට ගෙන යාමට කළ හැකි කිරීම අවශ්‍යතාවයකි.

ඒ සඳහා ජනමාධ්‍යවේදීන් ලෙස අප තුළ මෙතෙක් සිදුවූ වර්ධනයන් මොනවාද ? ප්‍රඵිඵලදායක සමාජයක් ගොඩනැගීමට ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගන්නේ කෙසේද සි? යන්න සිතා බැලීමට සුදුසු අවස්ථාව උදා වී තිබේ.

පුද්ගලික ශික්ෂණය

“වෙනස තමන්ගෙන් පටන් ගත යුතුය” කියා කියමන වෙත අවධානය යොමු කළ යුතුය. ජනමාධ්‍යවේදීන් පුද්ගලයන් ලෙස වෙනස් විය යුතුයි. අප විසින් මෙත‍ෙක් සිදු කර ඇති වාර්තාවන්හි ගුණාත්මක බවක් තිබේද යන්න ගැන ස්වයං විවේචනයක් තිබිය යුතුය. ලංකිය සමාජය තුළ සාමය හා සංහිඳියාව ඇති කළ හැකි පුද්ගලයන් ලෙස අප ක්‍රියාත්මක වී තිබේ ද? ජනමාධ්‍යවේදීන් ලෙස අපගෙන් පළමුවෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයි. එසේම එසේ සිදුකරන ලද වාර්තාවන් කොතරම් ගුණාත්මක ලෙස ඉදිරිපත් කිරීමට අප සමත්වීද යන්න අප විසින් ඇසිය යුතු දෙවන ප්‍රශ්නයයි. නොමැති නම් එය කොතරම් ඵලදායක ලෙස අප කර තිබේද?  අපගෙන් ඇසිය යුතු තෙවෙනි ප්‍රශ්නය නම් ඵලදායක ලෙස ලිවීම යනු කුමක්ද යන්නයි. එය කරන්නේ කෙසේද?  මෙවැනි තේමාවන් ජනමාධ්‍යවේදීන් ලෙස අප අපගේ ශික්ෂණය සකස් කරගත යුතු අතර ගුණාත්මක දේ රචනා කරමින් ජනමාධ්‍යවේදියෙක් ලෙස වර්ධනය වීම අවශ්‍ය වේ.

සාමය හා සංහිඳියාව යනු ලංකාවේ අනාගත ඉරණම තීරණය කරන තේමාවකි. ඊට මුහුණ නොදී ඉදිරි ගමනක් අප සමාජයට නැත. ජනමාධ්‍යවේදීන් ලෙස ඒ අභියෝගයට මුහුණදීමට අප කෙතරම් සූදානම් යන්න ගැනත් අවධානය යොමු විය යුතුයි. අප එය ප්‍රායෝගික කරන්නේ කෙසේද? සංහිඳියාව ගැන නොලියා අප විසින් වෙනත් විෂයන් ගැන ලියමින් සිටිනවා විය හැකියි. එය ජනමාධ්‍යවේදීන් ලෙස සිදුකරන වෘත්තීමය භාවිතයක්. නමුත් මෙම විෂය ගැනට අප අවධානය යොමු කිරීමට සැලසුමක් තිබේ නම් ඉදිරියේ දී බිහිවන වෙබ් අඩවිය සඳහා හෝ ඒ සමාජ මාධ්‍යයන්හී ඵල කිරීම කළ හැකියි. ඔබගේ රචනාවන්ගේ ගුණාත්මක බව ඉතා වැදගත්. තමන්ට වැඩිදුර දැනගැනීමට අවශ්‍ය විෂයයන් තිබේ නම් ඒ ගැන කණ්ඩායමක් ලෙස ඒ ගැන ක්‍රියාත්මක කිරීමට අවකාශයන් ඔබ ඉදිරියේ තිබේ. ඒ සඳහා සාමූහිකව වැඩ කිරීම ද අවශ්‍ය වේ. සංහිඳියාවට එරෙහිව සිටි ජනමාධ්‍යවේදීන් කණ්ඩායම් තුළ තිබුණු සාමුහිකත්වය සංහිඳියාව වෙනුවෙන් වැඩ කරන කණ්ඩායම් මීට කලින් තුළ තිබුණේ නැත. තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය අනෙක් ආගම් වලට වඩා, තමන්ගේ ජාතිය අනෙක් ජාතීන්ට වඩා ඉහළයි කියලා හිතන ස්වෝත්තමවාදී ජනමාධ්‍ය කණ්ඩායම් නම් සංවිධානාත්මකව ක්‍රියාත්මක විය. සාකච්ඡාවලදී අපට පුහුණුවීම් අවශ්‍ය ක්ෂේත්‍රයන් ගැන සාකච්ඡා කර සැලසුම් හදාගන්න පුළුවන්. අධ්‍යාපනික වැඩ සංවිධානය කිරීම තුළින් ජනාමාධ්‍යවේදීන් ලෙස අපගේ ගුණාත්මක බව වර්ධනය කර ගැනීමට හැක. ජනවාර්ගික අර්බුදය ට එරෙහිව සංහිඳියාව වෙනුවෙන් අප වැඩ කරන රාමුවක් තිබිය යුතුය. ප්‍රචාරකවාදී ගුණ වලින් යුත් වාර්තාකරණයෙන් මිදිය යුතුය. ලිපිය දුටු පමණින්ම වැටහෙනවා නම් එය ජාතීන් අතර සංහිඳියාව ඇති කරගැනීමට සකස් කරන ලද ලිපියක් බව එම ලිපියෙන් ඇති ඵලක් නැත. ජනමාධ්‍යවේදීන් ලෙස අපගේ අවධානය යොමු විය යුත්තේ මිනිස්සුන්ගේ අත්දැකීම් මත ගොඩනැගෙන රචනාවන් ය. ගුණාත්මක රචනයක්, නිර්මාණයක් වන්නේ ඒ තුළිනි. මිනිස්සුන් සත්‍ය කතාවන් කියවීමට කැමැත්තක් දක්වනු ලබයි.  සංහිඳියාව වෙනුවෙන් ජනමාධ්‍යකරණයේ දී පවතින රාමුවෙන් ඔබ්බවට සිතිය යුතු වේ. සංහිඳියාව පිළිබඳ ප්‍රශ්න දැන් බොහෝ ඈතට ගොස් තිබේ. අපි සංහිඳියාව යනුවෙන් මතු කිරීමට උත්සාහ කරන්නේ වටිනාකම් පද්ධතියක්. අපිට සාමය, සංහිඳියාව යන වචනය පවා වැදගත් නෑ. දෙමළ සමාජයේ ගොවියෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් අපි දැකිය යුතු වන්නේ දෙමළ ගොවියෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් ලෙස නොව ගොවියෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් විදියට. මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ලෙස අපට සමාජයට ඉදිරිපත් කිරීමට හැකි නම් ඒ තුළින් සමාජයේ සංවේදීතාවය ඇති කිරීමට හැකියාව ලැබේ. සමාජයට කල හැකි බලපෑම වැඩිවේ. මානව ගරුත්වය,ජන කොටස් මුහුණ දෙන ගැටළු සමාන වීම, වයස්ගතභාවය, ආබාධිත බව, ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් සංක්‍රාන්ති සමාජභාවයන් වැනි තත්ත්වයන්ට ජනමාධ්‍යවේදීන් සංවේදි විය යුතුයි.

© ® De Silva

Social Sharing
අවකාශය නවතම විශේෂාංග