අස්වැසුමේ දෙවැනි වටයට අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ ,Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති බවයි.

මීට අමතරව ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට තවත් පිරිසක් සිය අයැදුම්පත් භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අස්වැසුම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන පිරිස මේ වනවිට ලක්ෂ 16 කට අධිකයි.

හැඳුනුම්පත් නොමැතිවීම ඇතුළු ලියකියවිලිවල ගැටලු හේතුවෙන් තවත් ලක්ෂ තුනකට අධික පිරිසකට අස්වැසුම ලබා දීමට මෙතෙක් නොහැකි වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Social Sharing
නවතම විශේෂාංග