ඔන්ලයින් පනතට සංශෝධන 47ක්… කැබිනට් මණ්ඩලයට ඉදිපත් කිරීම අද

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විවිධ පාර්ශව මඟින් එල්ලවන විරෝධතා හමුවේ මෙම වගන්ති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මෙම සංශෝධන අද දිනයේ දී ම සම්මත වනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළමු වර කියවීම එළඹෙන පාර්ලිමේන්තු දිනයන්වලදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර ඔන්ලයින් පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු පාර්ශවවල දැඩි විවේචන එල්ල වුණි.

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වු අතර පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුව තුළත් අදහස් පළ කළේය.

Social Sharing
නවතම පුවත්