ට්‍රම්ප්ට ඓතිහාසික තීන්දුවක්..

Michigan Supreme Court keeps Donald Trump on 2024 primary ballot

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ ජනාධිපති තරගයට නුසුදුස්සකු කරමින් එරට  කොලරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කැරලි ගැසීමට අදාළව ඇමරිකානු ව්‍යවස්ථාවේ ඇති වගන්තියක් මත පදනම් වෙමින් දෙන ලද්දක් බව සඳහන් වෙයි. එම වගන්තියෙහි අරමුණ වන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දුන් රජයේ නිලධාරියකු ට කැරලිකාරී ක්‍රියාවකට සම්බන්ධ වූ අවස්ථාවක එවැන්නකු නැවත රජයේ නිලයක් දැරීම වැළැක්වීමයි.

ඉහත තීන්දුවට පසුබිම වූයේ පසුගිය වසරේ 2021 වසරේ සිදුවූ සිද්ධිධාමයකි. එනම් පරාජයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විශාල පිරිසක් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී  කැරලි ගැසීමේ සිද්ධියයි. ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නුසුදුස්සකු ට හැටියට කොළරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  දෙනු ලැබූ තීන්දුව  එරට ඉතිහාසයේ මීට පෙර කිසිඳු අවස්ථාවක දෙනු නොලැබූ තීරණයකි. එරට ජනාධිපති අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් මෙවැනි තීන්දුවක් පෙර ලබා දී  නැති නිසා මෙය ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකිය හැක.

මක් නිසාද අපේ රටට ද මෙමඟින් ගත හැකි පාඩම් බොහෝය. මක් නිසාද දේශපාලන ත්‍රස්තවාදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය අත්පත් කර ගැනීමට ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට පාලනයට එරෙහිව කැරලි කැසීමට ගොඩනැගිලි අත්පත් කර ගැනීමට අරාජිකත්වය ප්‍රචණ්ඩත්වය අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට හා ව්‍යවස්ථානුකූල පාලනයන් අභියෝගයට ලක් කිරීමට එරෙහිව ව්‍යවස්ථානුකූල රාමුව තුළින් තීන්දු තීරණ ගෙන ඒවා අධිකරණය මගින් පාලනය කිරීමට පූර්වාදර්ශයක් සපයයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද ප්‍රංශ හා ඇමරිකානු ව්‍යවස්ථාවේ සංකලනයක් බැවින් රාජ්‍යයෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙත් තිරසරභාවය ස්ථාවරත්වය වෙනුවෙන් ඇමෙරිකානු ව්‍යවස්ථාවට බර තැබීම ශ්‍රී ලංකාවේ අනාගත විධායක ව්‍යවස්ථාදායක අධිකරණ පාලනයේ යහපැවැත්මට ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යයට හා ව්‍යවස්ථානුකූල ව පාලනයකට හිතකරය .!

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

Social Sharing
අවකාශය නවතම