උපුල් ගත්තාම ඇයි අවුල්ද?

President's Counsel Upul Kumarapperuma

කේ. සංජීව

උපුල් කුමාරප්පෙරුම මිත්‍රයාට ජනාධිපති නීතීඥ ධූරය හිමිවීම ගැන යූනලයේ ලොකු සංවාදයක් ඇවිලෙනවා. සේපාල තරිඳු භාරත මේ ගැන අදහස් දක්වලා තියෙනවා ඇහුවා. මගේ නම් අදහස උපුල්ට මේක ලැබුනට අවුලක් නෑ. ඒ උපුල් පහුගිය කාලේ මේ වෘත්තීයේ හැසිරුණ විදිහ ජීවත් වුණ විදිහ නිසා.

මේක දාලා දුන්නොත් ගන්න තියෙන එකක් නිසා මුලින්ම තමන්ට තමන් ජනාධිපති නීතීඥ තනතුරට සුදුසුයි කියන එක හිතෙන්න ඕනෑ. එහෙම හිතෙනවා නම් ඇප්ලයි කරන්න පුලුවන්. එහෙම කළාට පස්සේ දුන්නොත් ගන්නවා. ඒකට අනුර කුමාර දිසානායක ජනාධිපති වෙනකම් ඉන්න අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නේ.

අනික අනුර ජනාධිපති වෙන්න කලින් මේක උපුල් ගත්ත එකත් හොඳයි. මොකද අනුර ජනාධිපති උනාට පස්සේ ගත්තානම් ඒක අස්සේ උපුල් කුමාරප්පෙරුම කියන අපි දන්න නීතීඥයා වැහිලා යන්න පුලුවන්. මම පත්තර රස්සාවට ආවේ 2013 අවුරුද්දේ ඒ අවුරුද්දේ මම කොන්දකඩාගෙන දුවලා ලිව්වත් මට සම්මාන උළෙලට දාන්න හිතුනේ නෑ. දෙවෙනි අවුරුද්දේ ඇත්තටම දාන්න හිතුනා. දැම්මා. ඒ දැම්මෙත් හොඳම ජනමාධ්‍යවේදියා කියන කැටගරියට නෙවෙයි. මොකද මට ඒ වෙනකොට අදහසක් තිබුණා ඒකට මම කරපු වැඩ ප්‍රමානවත් මදි කියලා. හැබැයි විනිශ්චය මණ්ඩලය මාව ඒ සම්මානෙට තෝරලා තිබ්බා. ඔහොම එක දිගට සම්මාන ගන්නකොට සසපේ මගේ ඥාති සහෝදරයෙක් මට මැසේජ් කරලා තිබුණා ධනපතියෝ දැන් උබට සම්මාන දෙනවා දැන් අපිට උබත් එක්ක ගනුදෙනුවක් නෑ කියලා. මට හිතෙන්නේ අද උපුල්ටත් වෙලා තියෙන්නේ මේක කියලා. අද ජවිපේ සමහරුන්ට උපුල්ව පේන්නේ ද්‍රෝහියෙක් වගේ.

භාරතගේ ප්‍රෝගෑම් එකේ යට කමෙන්ට් බැලුවාම ඒක පේනවා. ජාතික ජන බලවේගයට හිතවත් ගොඩක් අයගේ හිත් රිදිලා. රනිල් වික්‍රමසිංහ මේක දුන්න නිසා දැන් උපුල්ට රනිල්ට විරුද්ධව සටන් කරන්න සුජාතභාවයක් නෑ වගේ එකක් තමයි හැවෝම කියන්නේ.

අනෙක් පැත්තෙන් මම දැක්කා සේපාල ක්‍රම වෙනසකට නඩත්තු කළ යුතු දේශපාලන එදිරිවාදිකමක් ගැන කියනවා. මට හිතෙන්නේ ඒකත් වැරදි අදහසක් කියලා. අපි නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වෙන ක්‍රමයක් හැදුවොත් උන් සේරම යාලුවෝ මල්ලී උනත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

අනුර කුමාර ජනාධිපති උනාට පස්සේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට  රනිල් උපුල්ගෙ යාලුවා නිසා උපුල්ට අනුර කුමාරට කියලා රනිල් වික්‍රමසිංහ බේරගන්න බැරිවෙන ක්‍රමයක් තමයි අපි හදන්න ඕනෑ. මේ පුංචි රටේ අපි හැවෝම නෑ‍යෝ මිත්‍රයෝ ඉතිං මේ සම්බන්ධතාවලට උඩින් පිහිටන සිස්ටම් එකක් තමයි හදන්න ඕනෑ. එහෙම නැතිව මිනිස්සු එක්ක පුහු දේශපාලන එදිරිවාදිකමක් නඩත්තු කරලා වැඩක් නෑ. අනුර කුමාර ජනාධිපති වුණාම ටිරාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන සිස්ටම් එකක් තමයි අපි ගේන්න ඕනෑ.

දැන් රාජ නීතීඥයෝ නෑ. දැන් ඉන්නේ ජනාධිපති නීතීඥයෝ මෙතනදී අපි විධායකය පිළිගන්නවානම් අපි හිතනවානම් අපිට ජනාධිපති නීතීඥයෙක් වෙන්න සුදුසුයි කියලා ඉල්ලන්න පුලුවන්. දෙන නොදෙන එක පුටුවේ ඉන්න එකාගේ වැඩේ. අනික් පැත්තෙන් දෙන්නේ කාටද කියන එකෙන් පුටුවේ ඉන්න එකාවත් මැනගන්න පුලුවන්. මෛත්‍රීපාල එහෙම දුන්නනේ නොතාරිස්ලටත්..

හැබැයි ඇප්ලිකේෂන් එක දාලා චොප්පෙගේ පුතාගේ පස්සේ යනවානම් අනේ මේක කරලා දෙන්න කියලා එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. පහුගිය මෛත්‍රීපාල ගේ කාලෙත් පත්වුණේ වැඩිහරියක් ඒ ජාතියේ තමන්ටත් තමන් ධුරයට ගැළපෙන්නේ නෑ කියලා හිතුන බඩු. එහෙම උනාම ඉතිං වජිරගේ ගෙදර ගිහිං හරි අර මදි කෑල්ල පුරෝගන්න වෙනවා.

හැබැයි උපුල් කුමරප්පෙරුම එතනින් වෙනස් වෙනවා. උපුල්ට මේක ගන්න කාගෙවත් පස්සේ යන්න ඕනෑ වෙන්නේ නෑ. මොකද පහුගිය කාලේ කරපු වැඩ අස්සේ ඒ බර ඕනෑවටත් වඩා  තියෙනවා. සුමන්තිරන්ට ජනාධිපති නීතීඥ කියන්න මම නම් පැකිලෙන්නේ නෑ. ජයන්පතී වික්‍රමරත්නට උනත් එහෙමයි. උපුල්ටත් එහෙමයි. උපුල්ට ඒ උපයාගත් සුදුසුකම ඕනෑවටත් වඩා තියෙනවා.

අනික ජවිපේ කොහොම වෙතත් ජාජාබ කියන්නේ උග්‍ර ධනපති විරෝධී සමාජවාදී පක්ෂයකුත් නෙවෙයි. ක්‍රම වෙනසක් ගැන සාකච්ඡාවකුත් නෑ. ඒනිසා දැන් ඉන්න ලොකුම ධනපති දක්ෂිණාංශයේ නායකයාගෙන් මේක ගත්තා කියලා අවුලක් වෙන්න විදිහක් නෑ. ජවිපේ උනත් සභාග දේශපාලනය අස්සේ හිටපු පක්ෂයක්. අනුරකුමාර ජනාධිපති වුණත් ආණ්ඩුවක් හදන්න සභාගයකට යන්න වෙයි බොහෝවිට.

එහෙම තත්ත්වයක් අස්සේ අපි කතාකරන්න ඕනෑ සහ නොවැනී පෙනී සිටින්න ඕනෑ සිස්ටම් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. නීතියේ පාලනය සහ සාධාරණත්වය සියල්ලට ඉහළින් පිහිටුවන්නේ කොහොමද කියන එක ගැන. රනිල්ගේ කරට අතදාගෙන ඉදලා බඩටත් ඇනලා ආප්පත් කාලා ආවත් ඒ අභිලාෂය ඔලුවෙ තියාගෙන දේශපාලනය කරනවා නම් එච්චරයි. බලය ආවාම ඒ වෙනුවෙන් කැපවෙනවානම් හිටගන්නවානම් වැඩකරනවානම් ඒකයි වෙන්න ඕනෑ.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග