සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත නිලධාරීන් රාජ්‍ය මුදල් වංචා සහගතව ලබා ගන්නවා – පරිපාලන සේවා සංගමය ඇමැති රමේෂ්ට කියයි

සෞඛ්‍ය සේවයේ සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරමින් මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය බලගැන්වීම අවශ්‍ය බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

ඒ එම සංගමය විසින් නිදහස් සෞඛ්‍ය සේවය රටේ අනාගත පරපුර වෙත ආරක්ෂා කරදීම යන මැයෙන් ලිපියක් ඇමති රමේෂ් පතිරණ මහතා වෙත යොමු කරමින්.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පසුගියදා යොමු කළ ලිපියක තිබූ කරුණු ඇතැම් පුවත්පත්, වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන සිතාමතාම විකෘති කළ බවයි ඔවුන් පවසා සිටින්නේ. දූෂණ චෝදනා එල්ල වූ පරිපාලන නිලධාරීන් ඉවත් කළ යුතුය යන්න අදාල ශීර්ෂය දක්වා ඇතත් පරිපාලන නිලධාරීන් කවුරුද යන්න නිර්වචනයක් ලබා දී නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඉදිරියේ දී නිදහස් සෞඛ්‍යය නගා සිටුවීමට සිය දායකත්වය සහ සහය ලබාදීමට රමේෂ් පතිරණ අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඔවුන් ඉල්ලා සිටිනවා.

Social Sharing
නවතම පුවත්