2024 අයවැය – යෝජනාවන් මෙසේය…

78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ආරම්භ කළේ අද පස්වරුවේ දී ය. එසේ යෝජනා වූ කාරණා කිහිපයක් පහත දැක්වේ.

අයවැය යෝජනා

රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ.මේ නිසා රජයේ සේවකයන්ට සහනයක් ලබා දෙන්න යෝජනා කරනවා.2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 කින් වැඩි කරනවා. මේ වැඩිවීම අප්‍රේල් මාසයේ සිට වැටුපට එකතු කරනවා.

විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව 2500කින් වැඩි කරනවා.

වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට අටක් දක්වා වැඩි කරනවා.

සියලු රජයේ සේවකයන්ට පෙර පරිදිම ආපදා ණය ලබා දීමට කටයුතු කරනවා.

සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහනට තුන්ගුණයකින් ප්‍රතිපාදන ඉහළ නංවනවා.

වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2000 ක මාසික දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ධෛර්ය ලබා දීමට ආසියා සංවර්ධන බැංකුවේ සහාය ලබාගෙන රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.

අපේ ගම්බිම් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට ලබා දෙනවා.පවුල් ලක්ෂ විස්සකට මේ මගින් ඉඩකඩම් ලැබෙනවා.මේ සඳහා බිලියන 2 ක මුදලක් වෙන් කරනවා.

නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙනවා. මේ පවුල්වලින් කුලිය අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරනවා එමෙන්ම මේ නිවාස වල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙනවා.

2024 වසරේ දී පවුල් 50000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙනවා. ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබා දෙයි මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් සියයට සියයට හැත්තෑවක් පමණ ඉඩම් සහ නිවාස අයිති කරුවන් බවට පත් වෙනවා.

වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා. මෙහි මූලික පියවර ලෙස බිලියන 4 ක මුදලක් වෙන් කරනවා.

බිම්සවිය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් වෙන් කරනවා.

ආබාධ හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව රුපියල් පන්දාහේ සිට 7500 දක්වා ඉහළ දමනවා.

ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා.

කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරනවා.

පසුගිය වසර කීපය ග්‍රාමීය මාර්ග නිසි ලෙස නඩත්තු වුනේ නැහැ. අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරනවා.

ස්වභාවික විපත් නිසා හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දෙකක් වෙන් කරනවා.

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා.

නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා. ඉදිරියේදී පළාත් සභා මගින් ද විශ්වවිද්‍යාල ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කිරීම අපේ අරමුණයි.

නව යුගයට ගැලපෙන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල දියුණු කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් ලබන වසර වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති සම්පාදනය කිරීමෙන් පසු ලංකාවේ එම විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා.

පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරනවා. රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා දෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩකටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරනවා.

ජනසභා ලේකම් කාර්යාල පිහිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 700 ක් වෙන් කෙරේ.

ජනවාරි 1 වැනිදා සිට මහ නගර සභා වලට වැටුප් ගෙවීම සඳහා සියයට අසූවක මූල්‍යනය ක් ලබා දෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදි කිරීමට හැකියාව තිබේ දැයි සලකා බලනවා.

හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මූලික කටයුතු සඳහා රුපියල් බිලියන දෙකක් වෙන් කරනවා.

2025 වසරේ සිට පළාත් සභා ආදායමෙන් සියයට පනහක් පමණ පුනරාවර්තන වියදම් ලෙස යොදවා අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට යෝජනා කරනවා.

පිටකොටුව ගාල්ල මාතර අනුරාධපුර යාපනය වැනි මහා නගර ආශ්‍රිතව දුම්රිය ස්ථානය නගර ඉදිකිරීම සඳහා දෙස් විදෙස් ආයෝජන කැඳවීමට යෝජනා කරනවා.

අයවැය අරමුණු වෙනුවෙන් වියදම් කරන්න මුදල් වෙනුවෙන් පාර්ලිමේන්තුව ද වගකිව යුතුයි.
පළාත් සභා වලින්එකතු වන ආදායම් පළාතේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ද යෙදවිය යුතුයි.

රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කිරීමේදී දැඩි මූල්‍ය විනය ක්‍රියාත්මක කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී තිබෙනවා.පාසල් සහ පළාත් ටිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සඳහා බිලියන 1.5 ක් වෙන් කරනවා.අඩුපාඩු ඇති පළාත් සහ පාසල් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා.

මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය සඳහා ඉදිරි වසර සඳහා මිලියන දෙසීයක් යොදවනවා.

බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා.

අනුරාධපුර මහා විහාර විශ්වවිද්‍යාලය ලොව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළා.ඒ කරුණු සලකා බලමින් මහා විහාර විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට යෝජනා කළා.එහි මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 450 ක් වෙන් කරනවා.

අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන දාහක් වෙන් කරනවා.

පහල මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා තවත් මිලියන 2500 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබා දෙනවා.

යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙනවා.

උතුරු නැගෙනහිර පළාත් වල අභ්‍යන්තර ගැටුම් නිමා වුුුවත් තවමත් නැවත පදිංචි නොකළ තැන් තිබෙනවා ඒ සඳහා මෙවර රුපියල් මිලියන දෙදාහක් වෙන් කරනවා.

ස්ත්‍රී පු සමාජභාවය මත පදනම් වූ නීති හඳුන්වා දීමට කටයුතු කරනවා. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ද නීති හඳුන්වා දෙනවා.

කොළඹ වතු ජනතාවගේ ජීවන තත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.එම වතු ඉඩම් වල නිවාස සංකීර්ණ සහ වෙළඳ වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරනවා. මෙ සදහා ඉදිකිරීම් සමාගම්වලට ඉඩම ලබා දෙන අතර එම ඉඩම් වල නැවත පදිංචිකරුවන්ට එම නිවාස සංකීර්ණ වලින් ඉඩම් ලබා දිය යුතු වෙනවා.

කිරි ගොවි නිෂ්පාදනය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා. ඒ සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන විස්සක් බවට පත් කිරීම අපගේ අරමුණයි.

මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කරනවා.

මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කරනවා.

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය බෝග විවිධාංගීකරණය සඳහා අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. වී නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා. ඒ් සඳහා රුපියල් මිලියන 2500 ක් වෙන් කරනවා.

සංචාරකයන් සඳහා දේශීය හා ආයුර්වේද සත්කාර ලබා ලබාදීම සඳහා හෝටල්වල දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.

බදුල්ලට හෘද සහ පෙනහලු. පුනර්ජීවන ඒකකයක් ලබා දෙනවා.ඒ සඳහා රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරනවා.

ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරනවා. එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා පසුව තවත් වෙන් කරනවා.

ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවනවා.

සුරක්ෂා රක්ෂණ ක්‍රමය නැවත හඳුන්වා දීමට කටයුතු කරනවා.ඒ අනුව සියලු සිසු දරු දැරියන් සඳහා එම පහසුකම ලැබෙනවා.

ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබන තරුණ තරුණියන් සඳහා දෙස් විදෙස් රැකියා ලබා ගැනීමට අවස්ථාව ලබාගැනීමට අවස්ථාව සැකසිය යුතුය.මේ සඳහා වන පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

ලඟදීම දේශගුණ විපර්යාස කොමිසමක් ස්ථාපිත කරනවා.

අනාගතයට ශක්තිමත්ව මුහුණදීමට නම් හරිත ආර්ථිකයක් ස්ථාපිත කළ යුතුයි. දේශගුණ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600 ක් වෙන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා.

ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක්.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීම සඳහා නව නීති ගෙන එනවා. එමෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමට නව නීති සම්පාදනය කරනවා.

ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරනවා.

රාජ්‍ය බැංකු දෙකේ කොටස් වලින් සියයට විස්සක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2032 වනවිට සියයට 95 ක් දක්වා අඩු කිරීම අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ පූර්ණ ධාරිතාවක් අත්කර ගැනීම සඳහා මාස තුනක විශේෂ සැලැස්මක්.

අයිතිය

Social Sharing
ආර්ථික නවතම පුවත්