නඩු කල් යන හැටි ගැන නිදසුනක් වන කීරන්තිඩිය මිනීමැරුමේ නඩු තීන්දුව.

Verdict in the Kieranthidiya murder case

දර්ගා නගරයේ, පහේ කණුවේ, මීගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ධනපාල ප්‍රනාන්දු නමැත්තාට පිරිසක් පොලු මුගුරුවලින් පහර දී නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කරන්නේ 1992 ජනවාරි මස 15දායි.

එම මිනීමැරුම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව දෙන්නේ 2023 ඔක්තෝබර් 10දායි. එනම්, වසර 31කට පසුවයි.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරුන් හා කළුතර මහාධිකරණයේ මහාධිකරණ විනිසුරුවරුන් ගණනාවක් යටතේ කල් යමින් පැවති මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන්නේ කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසිනුයි.

එහිදී විත්තිකරුවන් තිදෙනෙකුට මරණ දඩුවම නියම කර තවත් විත්තිකරුවකුට වසර 10ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කරන ලදී.

පළමු විත්තිකරු වන බේරුවල, කාලවිල ප්‍රදේශයේ පදිංචි අනගිපුර ප්‍රේමතිලක නොහොත් රත්තා යන අයට වසර 10ක සිර දඬුවමක් හා රු. ලක්ෂ තුනක දඩයක් ද, දඩය නොගෙව්වොත් තවත් වසර දෙකක සිර දඬුවම් ද නියම කරන ලදී.

දෙවන විත්තිකරු කලකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගොස් තිබේ.

මරණ දඬුවම නියම කරන ලද්දේ තුන්වන, හතරවන හා පස්වන විත්තිකරුවන් වන වලගෙදර, පල්ලේගොඩ පදිංචි මල්මුතුගේ දයාරත්න නොහොත් ඔලිවර්, නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි අනගිපුර ආරියරත්න නොහොත් ලොක්කා සහ පහේ කණුව, කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක ප්‍රනාන්දු නොහොත් ප්‍රේමතිලක ප්‍රනාන්දු නමැති අයටයි.

ප්‍රදේශයේ ආරංචි මාර්ග පැවසුවේ මොවුන් පසුගිය කාලයේ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටි බවයි.

මෙම පුද්ගලයන් මිනීමැරුම සිදුකරන්නේ තරුණ වයසේදී වන අතර මේ වන විට ඔවුන් වැඩිහිටි පුද්ගලයෝය. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් යුක්තිය ඉටුවීම මෙතරම් පමා වීමෙන් ඇත්ත වශයෙන්ම යුක්තිය ඉටුවීද යන ප්‍රශ්නය මතුවේ.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග