ඡායා රූපය කියන කතාව…!

1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි.

නිමල් බාලසුරියගේ ඝාතනයට පසු කැඳවුම්කරු ලෙස මෙහි සිටිනා කොළඹ වෛද්‍ය පීඨ සිසු වෙනුර එදිරිසිංහ පත්වන අතර 1989 වසරේ ඔක්තෝබර් 21 වන දින යුද්ධ හමුදාව විසින් පැහැර ගෙන ගොස් දස වද දී ඔහුව ඝාතනය කොට අතුරුදන් කරනා ලදි. උදේනි බන්දුල සිසුවා ඉන් පසු කැඳවුම්කරු ලෙස පත්වන අතර ඔහුද රජය විසින් 1989 වසරේ දෙසැම්බර් 17 වනදා පැහැරගෙන ගොස් සාහසික ලෙස ඝාතනය කළේය.

එක් කොනෙක දන නමා හඬමින් සිටිනා අයෙක් ඔබට මෙහි දැකබලාගත හැක. ඒ අන් කිසිවෙකුත් නොව එම වසරේම ඔක්තෝබර් 22 වනදා හිසට පරාල ඇණ ගසා පුලුස්සා ඝාතනය කළ පත්මසිරි ත්‍රිමාවිතාන නම් වූ රාගම වෛද්‍ය සිසු සටනේ නියමුවානන් ය. සදාතනිකවම නිහඬ කල මේ සියල්ලෝම එකම ජායාරූපයක ඔබහට දැකබලාගත හැකි වන්නේ මෙකී රූ රාමුව තුළ පමණි. ලාංකීය ශිෂ්‍ය අරගලයේ පරමාදර්ශී සැබෑ සටන් සගයන් ලෙස ජනතා ආදරය දිනාගෙන නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන් සැමදා ජීවමානය…!

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම