රෝසිගේ කෙරුවාව එළියට..!

රෝසී සේනානායක කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කළ කාලය තුළ ඇයගේ වියහියදම් පිළිබඳ පුදුම විස්තරයක් එළියට පැමිණ ඇත. ඒ තොරතුරු පනත යටතේ ඉල්ලූ තොරතුරු ලැබීමේ ප්‍රථිපලයක් විදිහට.

මේ විස්තරයේ විදිහට මේ මුලු කාලයේ රෝසි සේනානායකගේ මුළු විදුලි බිල රුපියල් මිලියන 9ක්. ඒකියන්නේ වසරකට මිලියන දෙකක් තරම්. මාසෙකට නම් එක්ලක්ෂ පනස් දහසකට වැඩි‍යි.

ඇයගේ නිල නිවස පිරිසිදු කිරීම සඳහා සේවක සේවිකාවන් නම දෙනෙක් යොදා ගෙන තිබෙනවා කියලා කියනවා හැබැයි කොළඹ මහ නගර සභා ප්‍රතිපාදන අනුව එහෙම බැරිලු. නගර සභාවේ ප්‍රතිපාදන වලට අනුව සේවක සේවිකාවන් හතර දෙනෙක්ගේ සේවය විතරයි ලු ගන්න පුලුවන්.

මෙම පිරිස ලබා ගෙන තියෙන්නේ පුද්ගලික සමාගමකින්. මේ සමාගමට උක්ත කාලය අස්සේ රුපියල් මිලියන 15.1ක් (15,107,894) ගෙවලා තිබෙනවා කියලා කියනවා.

මේ මිල ගනන් වලට අමතරව නිල නිවස ඉදිරිපිට උද්‍යානය පවත්වා ගෙන යන්න විහාරමහාදේවි උද්‍යානයේ සේවකයින් තුන්දෙනෙක් අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියනයකට (909,000 ) ආසන්න මුදලක් ගෙවා තිබෙනවා.

නගරාධිපතිනි නිල නිවසේ පිරිසිදු කිරීමේ සේවක වියදම් වශයෙන් 2018 දී රුපියල් 947,724, 2019 දී රුපියල් 4,199.499, 2020 දී රුපියල් 3,814.072, 2021 දී රුපියල් 4,608.708, සහ 2022 දී රුපියල් 1,537.890 වැය කරලා තිබෙනවා. කොහොමද ගණන්..!

කොළඹ මහ නගර සභාවේ ක්‍රියා පටිපාටි සහ භාවිතයන්ට අනුව නගරාධිපතිවරයාගේ නිල නිවස පිරිසිදු කිරීමේ රාජකාරියට සේවක සේවිකාවන් හතර දෙනෙකු පමණියි යොදා ගන්න පුලුවන්. ඒත් රෝසි සේනානායක 12 දෙනෙකු මේ වැඩේට යොදවලා තිබෙනවා.

මූලාශ්‍රය – ශ්‍රී ලංකා බ්‍රීෆ්

Social Sharing
නවතම පුවත්