මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!

-මහේෂ් හපුගොඩ-

මියා කලීෆාට වඩා හොදට ප්‍රෆෝම් (perform) කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා (industry). හැබැයි ඔක්ස්ෆඩ් චාන්ස් එක එන්නේ මියාට. සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහපු උන් ක්‍රීඩාවේ ඉන්නවා ඒත් ඔක්ස්ෆඩ් ”කතා චාන්ස් එක” එන්නේ සංගාට.

මියාට චාන්ස් එක එන්නේ පෝන් නිසාම නෙවෙයි. ඒ වගේම සංගාට චාන්ස් එක එන්නෙත් ක්‍රිකට් ගැහුව නිසාම නෙවෙයි. එයාල ඔක්ස්ෆඩ් බලන නිර්ණායක වලට සෙට්වෙන නිසා.

මම හිතන්නේ ඔක්ස්ෆඩ් නිර්ණායක සකස් වෙන්නේ එයා පෝන් නිසාවත් මෙයා ක්‍රිකට් නිසාවත් නෙවෙයි. ඊට වඩා වෙනස් දේවල් ටිකක් නිසා ඔක්ස්ෆඩ් උත්තේජනය වෙන නිසා. නැත්නම් එයාල බලන මොනවදෝ වටිනාකම් ප්‍රමාණයක් මෙයාල දරන්ඉන්න නිසා.

දැන් මියා ඉන්ඩස්ට්‍රි එකේ නැතුව විතරක් නෙවෙයි ඒ ඉන්ඩස්ට්‍රි එකේ තියන භයානකකම එයා පෙන්නලා දෙමින් ඉන්නවා. හැබැයි එයා ජනප්‍රිය වෙන්නෙම ඒ නරකයි කියන නිෂ්පාදන මොඩලය ඇතුලේ.

 

දැන් මියා ඒ නරක නිෂ්පාදන මොඩලයට සමුදීල, ඒකේ නරක පෙන්නලා දීල, පවුලක් පන්සලක් වෙලා, අනික් අයට මෙන්න මේ වගේ වෙන්න කියල ”හොඳ ළමයෙක්” හැටියට දැනමුතුකම් දිදී ලෝකෙ වටේ යනවා. හැබැයි මේ ”නරාවලට” වැටුණු තව සිය දහස් ගණනක් කොල්ලෝ කෙල්ලෝ ඒකට බනින්නේ නැතුව දිගටම වැඩේ කරන් යනවා. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එක දැනගන්න ඕනි නම් එයාලට කතා කරානම් හරි.

දැන් අර අරවින්ද වගේ අය තමන්ගේ විදියට ක්‍රිකට් ගහල පැත්තකට වෙලා ඉන්නවා මිසක් ලෝකෙට උපදෙස් දෙන මහදැනමුත්තෝ වෙන්න ගියේ නැහැ. අරවින්ද හොඳ ළමයෙකුත් නෙවෙයි. ඒ නිසා අනික් අයට වැඩිය උපදෙස් දෙන්න යන්නත් බැහැ.

නමුත් සංගා කියන්නේ ඔක්ස්ෆඩ් වලට ”හොඳ ළමයෙක්”. මහත්මයෙක්. මිනිස්සු යහමඟ ගන්න උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක්. දෙවියෝ එක්කත් සම්බන්දයි.

අපි හිතුවට ඔක්ස්ෆඩ් රැඩිකල් කියල එයාල ඇත්තටම යක්ෂයා එක්ක ඉන්න අයට ආරාධනා කරන්නේ නැහැ. එයාල ආරාධනා කරන්නේ දෙවියන් පැත්තට හැරුණ අයට. නැත්නම් හැරෙන්න ඉන්න අයට. වික්ටෝරියන් වටිනාකම්, පවුල, රාජ්‍යය පැත්තට හැරුණ අයට. කොටින් කිව්වොත් හොඳ ළමයින්ට.

අපි උන්ට කවි ලියන්න හදිස්සි උනාට මට නම් හිතෙන්නේ ඔක්ස්ෆඩ් තවම අවිඥාණිකව ‘හොඳ ළමයින්’ හොයනවා කියලා. ඒ නිසා තවම වික්ටෝරියන් කියල. සමහර විට මම වැරදි ඇති. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න, තමන් කරන දේ ගැන වැරදිකාරි හැඟීමක් නැති, ඒකට බනින්නේ නැති කෙල්ලන්ට කොල්ලන්ට මගේ මෙව්වා එක.

Image@Mia Khalifa

 

Social Sharing
අවකාශය නවතම